ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

සව් කැඳ බොමුද .....

Posted by Naliya On Sunday, May 23, 2010
ගොඩාක් කාලෙක ඉදන් මේ කැඳ ගැන ලියන්න හිතන් හිටියෙ,අද ඔන්න කැඳ පොට් එකකට ගිහිල්ලම අවිල්ලා ලියන්න ගත්තා.කැඳ බොනවනම් ,අනෙත් දෙවල් වගේ නෙවෙයි,නලියා දන්න තරමට ප්‍රසිද්ධ පොට් එකක් තියෙන්නේ කොළඹින් පිට. ඔය කියන කැඳ පොට් එක තියෙන්නේ බන්ඩාරගම.
හරියටම තැන කියනවනම් පානදුර හොරණ පාරේ,පානදුරේ ඉදන් බන්ඩාරගම යනකොට බන්ඩාරගම පාළමත් පැනලා පළමුවැනි පාර දෙපැත්තේ තියන වෙල් යාය ඉවර වෙන තැනම් තියේන්නේ පොට් එක.
මෙතන සව් කැඳ,කිතුල් පිටි කැඳ,මුං ඇට කැඳ,කොල කැඳ වගේ ගොඩාක් ජාති තියනවා.මම නම් කැමති මේකෙ සව් කැද එකට පුදුම රසක් තියේන්නේ,හවසට උණු උණුවේ සව් කැඳ එකක් ගැහුවම රැට කන්න ඕනේත් නැති තැරම්.
මේ පොට් එකෙ සව් කැඳ එක ගැන කියනවනම් ,මගෙ ජීවිතේටම කැඳ මෙච්චර රසද කියල දැනුනේ මෙතනින් කැඳ බීයුවට පස්සේ.මේ සව් කැද එකේ නියම රස පැණි වගේම ගෙදර හදනකොට සාමාන්‍යයෙන් නොදාන හබල පෙති දාල නියමටම තියනවා.
කැඳ විදුරුව කට ගාවට ගන්නකොට එන අමුර්තය වගේ සුවඳ ,එක්කම උණු උණුවේ කැඳ උගුරක් කටට ගන්නකොට දැනෙන රසය කියලා නිම කරන්න බෑ.කැදවල පෙගුන හබලපෙති හැපෙනකොට කැඳවල රසය දෙගුණ තෙගුණ වෙනවා.
සව් කැඳ එකේ ගාන රු:30/= ,මට හිත ගන්නවත් බැ එච්චර අඩුවට කොහොමද මෙච්චර හොද බීමක් දෙන්නේ කියලා.

මෙතන කැඳ වගෙම ,හවසට කන ගමේ ගොඩේ කැම ජාති ටිකකුත් අනිවර්යේන් තියනවා,අද තිබුනේ පුහුල් දොසියි,රොටියි ,කැඳ එකක් ගැහුවම එවා කන්න බඩේ ඉඩක් නැ.මම කැඳ එකක් ගහලා ගෙදර අයට පුහුල් දොසි ගෙනවා.
ඇත්තටම බන්ඩාරගම පැත්තේ යනවානම් අනිවර්යෙන්ම කැඳ එකක් බීලා බලන්න.නියමටම තියනවා.

12 Response to " සව් කැඳ බොමුද ..... "

  1. Anonymous Said,

    ඔය කියන තැනින් අපිත් හැමදාම නැන්දට බේත් ගන්න යද්දි නතර වෙන්නෙ කැඳ වීදුරුවක් බොන්න. කිව්වත් වගේ හරිම රසයක් තියෙන්නෙ. ගෙදරදි කැඳ කිව්වොත් අහක බලන අයත් මෙතනින් කැඳ බොන්නෙ හරිම ආසාවෙන්.

     

  2. Anonymous Said,

    මචං නුවරත් තියෙනවා.. රෑට ගුඩ්ශෙඩ් බස් නැවතුම් පොලේ... හැම දෙයක්ම ඔයා කව්ව විදිහමයි

     

  3. MaJee Said,

    සව් කැඳනම් මාර රසයි තමයි. ඒත් මේ විදියට හදපු සව් කැඳ කවදාවත් බීල නැහැනෙ. ඒ පොට් එක හොයාගෙන ගිහින් බොන්න හිතෙනවා. ෆොටෝ ටිකත් එතනට ආරාධනා කරන සුළුයි.

     

  4. h Said,

    මමත් සව් කැඳ සෑහෙන්න බීල තියෙනවා. අපේ තාත්තගෙ රෙසිපියත් මරු. මාසෙකට සැරයක් දෙසැරයක් මම ගෙදරදිම සව් කැඳ බොනවා. අමුත්තෙක් එහෙම ගෙදර ආවම හවස් වෙනකල් හිටියොත් සව් කැඳ හැදෙන්න ඉඩ තියෙනවා අපේ ගෙදර. ඒ වුණාට කඩෙන් බොන ඒවයෙදි තැන අනුව දැණෙන වෙනසක් මට තේරිලා තියෙනවා. කීප වතාවක් නුගේගොඩ පරණ හන්දියේ කලර් ලයිට් තියෙන හරියෙන් මම සව් කැඳ බීල තියෙනවා. ඒ තැන දැන් නම් නැද්ද කොහෙද. ඊට අමතරව කොල්ලුපිටියෙදි සහ නුගේගොඩම ස්ටේෂන් එක හරියෙන් මම බීල තියෙනව. හැබැයි අවුරුදු කීපයකට කලින්. රස ගැන නම් ඉතිං කියන්න දෙයක් නෑ. උණු උනුවෙන් බොද්දි තමය හොඳම ආතල්. සුවඳ දැනෙද්දි බොන්න හිතුණට කටට ගන්න බෑ උණුයි :D

     

  5. Naliya Said,

    අත්තටම මචො ඔතන මුලින්ම සව් කැඳ එකක් බොන ගොඩාක් දෙනෙක් කට පුච්ච ගන්නවා අනිවර්යෙන්.මොකද සුවද ඉවස ගන්න බැරුව පෙරෙත කමට උණුවෙන් බොන්න ගිහින්

     

  6. Sadun Said,

    මගේත් ප්‍රියතම බ්ලොග් එකක් තමයි කමු බොමු...
    අයෙත් අහල.. සැපට කන්නෙ බොන්න්නෙ නැති ජීවිතේ කුජීතයි.. මමත් අවුරුදු 14 ඉදන් කන බොන එක ගැන් එකසිය ගානට FOLLOW කරනව... මටත් හිතේ මෙවයින් BLOG එකක් පටන් ගන්නට.. ඒත් වෙලාවක් කලාවක් හොයගන්නෙ කොහොමද මේ වැඩ ගොඩ එක්ක...
    ඒ නිසා කමු බොමු BLOG එකට මගේ විශේෂ කැමත්තක් තියෙනවා..

    නරකද ඉඩක් තියෙන වෙලාවක GO-NUTS ගැනත් ලිව්වොත්? මොකද Doughnuts වගේ එව්වත් හොද දේවල් තමා....

    BWD,
    වෙලාවක යන්න ඕනැ ඔය සව් POT එකට... ඉන්නේ නම් කොලඹ, එත් රහට කන්න බොන්න නම් නිවාඩුවක් දාලා ගියත් පාඩු නැහැ බණ්ඩාරගම.....

    කමු බොමු බ්ලොග් එකට මගෙන් සුභ පතුම්...

     

  7. ස්තූතියි නලියා ඔත්තුවට.....

     

  8. Naliya Said,

    @sadun
    බොහොම ස්තූති ප්‍රතිචාර දැක්වීමට.මේ වගෙ feedback එකක තියනවනම් කනබොන පොට් හොයන් ගිහින් ලියන්නන්කො.
    GO-NUTS වලින් Doughnuts කාලනම් තියනවා සටහනක් දාන්න තරම් රස විදලා නැ.ඉදිරි කාලයෙදි ලියන්නම්

     

  9. vpsupun Said,

    මේ පාර පොසොන් එකට කලුතර ගිහින් රත්නපුර යනකොට මට මතක් උනා මේ බ්ලොග් එකේ මෙහෙම පොට් එකක් ගැන කියල තිබුනා කියල. ඒත් තැන හරියට මතක නෑ. ඉතිං දන්න කියන යාලුවන්‍ට call කරල තැන හොයා ගන්න ට්‍රයි කලා. එවුන් ඔක්කෝම නිදි. ඉතිං ඔය තැන මාට්ටු වෙවි කියල හිමින් සැරේ බලාගෙන ආවා. ඒතකොට මට set උනා ඒ වගේම pot එකක්, කලුතර-බණ්ඩාරගම පාරේ. ඒකත් එලකිරි පොට් එකක්. එතන තියන "පැණි මුං සව් කැඳ" එක පට්ට. එතන තව කොළ කැඳ, එලවලු සුප්, කුරක්කන් කැඳ, සුදු ළූනු කැඳ, කෑම ජාති එහෙමත් ගොඩාක් තියනවා. පෙරේත කමට ඔය හැම එකෙන්ම වගේ එක එක බිව්වා. රස නම් කියලා වැඩක් නෑ. ගාන රු 30/= . වාඩි වෙලා ඉන්න හොඳ හට් එහෙමත් තියනවා. කලුතර ඉඳන් බණ්ඩාරගම යන වෙලාවක ටිකක් ගොඩ වෙලා යන්නකෝ.

     

  10. Naliya Said,

    ඔතන එක වගේ පොට් දෙකක්ම තියනවා,දෙකෙන්ම කැද එකම වගේ මොන එකද වැඩියෙන් රස කියල කියන්න බැරි තරම්.

     

  11. Anonymous Said,

    nuwara thiyana PASGORASA eka dannavada? Ethana kenda thiyanavda kiyala nam sure ne, eeth niyama palathuru beema thiyanava!!! Niyama spot eka! :D

     

  12. Anonymous Said,

    ane recipeyak dannako sauw kenda hadana widiha...

     

Post a Comment

ප්‍රතිචාර දැක්ක්වුවාට චියස්ස් !!!!!!