ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

වේවැස්සෙන් තේ බොමු...

Posted by hare :-) On Tuesday, June 22, 2010

මේ කියන්න යන තැන නම් ගොඩක් දෙනෙක්ට නිතර යන්න පුළුවන් තැනක් නෙවෙයි. නමුත් මෙතන ගැන කොතනක හරි සටහනක් තියෙන එක හොඳයි කියල හිතුණ නිසාත්, දවස් කීපයකට කලින් ආයෙත් වතාවක් මේ කියන තැනට යන්න ලැබුණ නිසාත් මේ ගැන ලියන්න හිතුණා.


මේක ඇත්තටම බදුල්ලෙ ඉඳන් පස්සරට යන පාරෙ කිලෝමීටර් 10ක් විතර ගියාම තියෙන වේවැස්ස කියන තේ වත්ත මගින් පාලනය වෙන තේ කෙලින්ම විකුණන තේ මධ්‍යස්ථානයක්. තේ කොල පැකට් මිලට ගන්න විතරක් නෙවෙයි. තේ බීල බලන්නත් මෙතනදි අවස්ථාවක් තියෙනවා. අන්තිමට ගිය වෙලේ රෝල් එකක් කන ගමන් බොන්න ලැබුණ කහට තේ එක කාලෙකින් මම බීපු හොඳම කහට එකක් කියල මට හොඳටම විශ්වාසයි. නිදහසේ ඉඳගෙන තේ බොන්න ලී වලින් හදපු පුංචි වේදිකාවකුත් තියෙනවා. ඈතට විහිදෙන තේ වතු යාය දිහා බලාගෙන තේ රසවිඳින්න මෙතනදි හොඳට පුළුවන්. (බර්ගර්ස් කිං වලින් බර්ගර් එකක් කද්දි ඒ සංස්කෘතියෙ පරිසරයක් වටේ තියෙනව වගේ වැඩක් නේද මේකත් කියල මට හිතුණ)


සාමාන්‍යයෙන් කඩේ තියෙන අපි වගේ කට්ටියට ගන්න පුළුවන් තේ වලට වඩා මේ තේ වල කහටත් රසයත් සෑහෙන්න වෙනස් සහ අළුත්.


මේ තැන ගැන මම දැනගත්තෙත් අවුරුද්දකට විතර කලින් තමයි. පස්සර ඉඳන් අපේ කාර්යාලයට රාජකාරියට එන යාළුවෙක් දවසක් කාර්යාලෙ තේ සංගමයට තේ පාර්සලයක් ගෙනත් දුන්න. ඒකෙන් හදාගෙන බීපු තේ අපි හැමෝටම වෙනස් විධියට දැණුන රස තේ වුණ නිසා මම ටිකක් හොයල බලද්දියි මේ තැන ගැන යාළුව මට කිව්වේ. ඉතිං මමත් එයාට කියල තේ පැකට් දෙකක් ගෙන්නගත්ත. ඒ දවස්වල නම් ග්රෑම් 500ක් රුපියල් 250යි. දැන් නම් 270ක් වෙනව. මම කඩේ තේ කීයද කියල නම් දන්නෙ නෑ. නමුත් මේ තේ කීප වතාවකදි තෑගි විධියට මගේ කොළඹ මිතුරන්ට දුන්නට පස්සෙ එයාලට අනුව තේ එකේ තත්ත්වය එක්ක මිළ සාධාරණ බව දැනගන්න ලැබුණ.


ඉතිං තව විස්තර කියන්න දෙයක් නෑ. ඔයාලත් බදුල්ල හරහා පස්සර, මොණරාගල බුත්තල වගේ පැත්තක යනවනම් මෙතනින් තේ එකක් බීල යන්න අමතක කරන්න එපා.

10 Response to " වේවැස්සෙන් තේ බොමු... "

  1. එළ එළ. කන්නත් තියෙනවා නේද?

     

  2. යන්න ඕනේ වෙලාවක ~

     

  3. Teena Said,

    හෆොයි මේ මගේ ඒරියා එකනේ...! ඔතනින් වංගු දෙකක් පස්සර පැත්තට ගියාම අපේ ගෙදරට එන පාර තියෙන්නේ.! තේ කොළ අරන් තිබ්බට තේ බීලා නම් නෑ මෙතනින්..බලමු ගෙදර ගිය වෙලාවක..
    මේ ගැන හැමෝම එක්ක බෙදා ගත්තට ස්තූතියි...

     

  4. ගියපු වෙලාවක යන්න ඕනි.

     

  5. කීපසැරයක්ම ගිහින් තියෙනවා.....හරිම ලස්සන තැනක්....

     

  6. Anne Said,

    tks for your blogs....
    this tea center manage by our compnay "Balangoda Plantations PLC" one of the blue chip company under STASSEN flag...

     

  7. Yaminda Said,

    ගොඩක් ස්තූතියි මේගැන බ්ලොග් එකක් ලියන්න හිතුවට
    ඇඩ් එකක් කියල හිතන්න එපා. මෙම ආයතනයෙන්ම පාලනය වන තවත් මෙවැනිම ස්ථානයක් කොළබ රත්නපුර පාරෙ කුරුවිට පසුකර යන විට පැරඩ්යිස් හි තියනවා.
    නම පාම්ගාඩ්න් ට්‍රැවල්ර්ස් පැරඩ්යිස්. පවුලෙ සියලු දෙනා සමගින් ගිහින් උදෙ/දවල්/රාත්‍රි අහාර වේලක් කන්න කියාපු තැන. ළමා උද්යානයක් රථ ගාලක් හෙම තියනවා

     

  8. Naliya Said,

    තේ මගේ ප්‍රියතම පානයක්.දවසට තේ 6ක් ඒතර බොනවා.නිවාඩු දවසකටනම් ඉතින් එකෙත් සීමාවක් නැ.ඇත්තටම හැම තෙ කොළ ජාතියම මට දිරවන්නේ නැ.අපේ අම්මා හදන තේ එක තරම් මට මොන තේ එකක්වත් හරි ගිහින් නැ මේ වෙනකම්.
    හැබැයි ණුවරෑළිය පැත්තේ ඔය තේ වලනම් හොද රසක් තියනවා කියලා දන්නවා,හැබැයි ඔය original TEA ,set වෙන්නේ trip ගියම වගේ තමයි නේ...

     

  9. Unknown Said,

    mama me place eken ganna the kola walin tea hadana kenek widiyata mama full credit denawa methana thiyana tea walata. mokada kahata ha rasa ithamath ihalai.... methana gena liuwa eka nam hodai godak

     

  10. හරේ ගේ සටහන කියෙව්වම තේ ගැන බොහොම උනන්දුවක් දක්වන කෙනෙක් විදියට මට ලියන්න දේවල් තියෙනවා.

    තේ එකක් රස තේ එකක් වෙන්න ඒකේ රස විතරක්ම මදි.....

    අර යාමින්ද කියන පැරඩයිස් එකට අවුරුදු 20 ක් පුරා ඒ පාරේ යන හැම දවසකම යන කෙනෙක් විදියට කියන්නත් දේවල් මට තියෙනවා. ඇත්තම කීවොත් මගේ වාහනේ රත්නපුර පාරේ යද්දි එකම දවසකට වත් එතන නතර නොවී ගිහින් නෑ මේ අවුරුදු විසි ගණනක් පුරාවටම. මම ඒමි ඉස්සර ඉඳන්ම ලංකාවට ආවාම ඔය කියන තැන ගැන පුදුම ආදරයකින් ඉන්නේ.. වටපිටාව... උනු ආප්පයක් කාලා රසම රස ප්ලේන් ටී එකක් බොන එක නිකම් දිව්‍යමය දෙයක් කියලා අපි හිතමින් උන්නේ... ඉතින් එතන නතරවීම අනිවාර්‍ය දෙයක් වෙලා තිබ්බේ අපිට....
    මේ වෙද්දි මගේ මල්ලි, ලසිත හා ලලින්ද්‍ර එක්ක මෙතනට පසු ගිය මාස කිහිපය පුරා කිහිප පාරක් යන්න මට අවස්තාව ලැබුනා.ඒ අය නම් ඉතින් මම වගේ තේ එකක රස හොයන අය නෙමෙයිනේ. ඒත් මට සීනි නැති තේ එකක නියම තේ රසය දැනෙන්න ඕනේ. මට තේ හදන එක අනිත් අයට හරිම කරදරයක් උනෙත් ඒකයි. ඒත් හරේ කීවා වගේ ගාන කෙසේ වෙතත් හොඳ තේ එකක් බොන්න අපි කැමතියි.
    මේ වගේ තැන් අපි අනිත් අයට හඳුන්වා දෙන්න ඕනේ. මම හිතන්නේ මේක සෙට් වීම එකටත් දමන්න පුළුවන් සටහනක්.

     

Post a Comment

ප්‍රතිචාර දැක්ක්වුවාට චියස්ස් !!!!!!