ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

පොල් ටොෆී

Posted by hare :-) On Tuesday, May 18, 2010
අපේ සෙට්වෙන කට්ටියගෙ ට්‍රිප් එකට ගෙනියන්න කියල විශේෂ ඉල්ලීමක් අනුව අම්ම හදපු කැවිල්ලක් ගැන තමයි අද කියන්න යන්නේ. පොල් ටොෆි කියල තමයි අපි කියන්නෙ. මේව මම හිතන්නෙ නොකාපු කෙනෙක් නැති තරම්. ඒත් ඒ එක එක කොලිටි වල ඒව නිසා කාල තියෙන්නෙ එකම ජාතියද කියල ෂුවර් නැතිව ඇති. ඔන්න ඉතිං මම කාටත් හිතසුව පිණිස මේක හදන විධිය ගැන ලියන්න හිතුවා. මේවා හදාගන්න ඒ තරම් අමාරු නෑ. අවශ්‍ය වෙන්නෙත් බොහොම පොඩි දේවල් ටිකක්. පොඩි කිව්වෙ ඉතිං ලංකාවෙ නම් ලේසියෙන් හොයාගන්න පුළුවන් අපි කොහොමත් ගෙදර පාවිච්චි කරන ද්‍රව්‍ය නිසයි.

මුලින්ම පොල් ගාල තියාගන්න. සාමාන්‍යයෙන් ලොකු පොල් ගෙඩි 2කට සීනි ග්‍රෑම් 600ක් විතර ඇති වෙයි මගෙ හිතේ. ඒ වගේ ලොකු පොල් ගෙඩි දෙකකින් අඟල් 1 1/4 කෑලි 100ක් විතර කපාගන්න පුළුවන්

සීනි ටික වතුර හැඳි කීපයක් එක්ක ලිපේ තියන්න. ඒක උණු වෙද්දි මුලින්ම එනසල් කුඩු කරල ටිකක් එකතු කරන්න ඕන. ඊටත් පස්සෙ පොල් ටික දාල හොඳට කලවම් කරන්න ඕන. වතුර ගතිය යන්තම් තියෙද්දි වැනිල ටිකක් දානව සුවඳ වෙන්න. ආයෙත් කලවම් කරන්න ඕන ඇලෙන නොඇලෙන ගානට. කෑම වලට දාන පාට වලින් කැමති පාටක් දාගන්න පුළුවන්. අම්ම නම් දාන්නෙ රතු පාට තමයි. ඒක ඉතිං හැදුවම රෝස පාට වෙනවා. ඒකෙන් රසේ වෙනසක් නම් වෙන්නෙ නෑ. ලුණු බින්දුවක් දෙකක් දාගත්තත් කමක් නෑ කියලයි අම්ම කිව්වේ.

මේක මේ විධියට හැඳිගානකොට අර පදම කියන එක එද්දි, ඒ කියන්නෙ තැටියක අතුරගන්න පුළුවන් පදම එද්දි ලිපෙන් බාල ලී තැටියක අතුරගන්න ඕන. ටික වෙලාවක් හයි වෙන්න තියල කෑලි කපාගන්න පුළුවන්.

මේක අතිශය පැණි රස කෑමක්. ඒ නිසා පැණිරස කෑම සම්බන්ධව ප්‍රශ්ණ තියෙන අය නොකෑවට කමක් නෑ. එහෙම නෙවෙයි නම් ඉතිං බේදයක් නෑ.

පොල් ටොෆිය අවුරුදු කැවිල්ලක් විධියට අපේ ගෙදර හදනවා. ඒක මම දන්න කාලෙ ඉඳන් තියෙන දෙයක්. ඒ වගේම විශේෂ අවස්ථාවලදිත් ලේසියෙන් හදාගන්න පුළුවන්කම තියෙන කවදාවත් ඉතිරි නොවෙන කෑමක් තමයි පොල් ටොෆිය. තේ වලට සීනි නොදමා පොල් ටොෆියක් එක්ක එහෙම බොන්න පුළුවන්. ඔයාලත් වෙලාවක උත්සාහයක් අරන් බලන්න.

9 Response to " පොල් ටොෆී "

  1. Jay Said,

    දැක්කමත් කටට කෙළ උනනවා. මේ උණ මරගාතේ පෝස්ට් එක දැකලා ගොඩ වැදුනේ. අපි නම් ඕක හදනකොට බාන්න ළං වෙලා මිල්ක්මේඩ් මේස හැන්දකුත් දානවා. එතකොට නිකන් අර විසිරෙන ගතිය නැති වෙනවා. ගොඩක් හයි වෙන්නේ නැහැ.
    (මම ඉතින් පණ්ඩිතයා වගේ කිව්වට මට හදන්න බැහැ, ඒ කාලේ අපේ අම්මා හදනවා මතකයි. :D :D )

     

  2. අපි පොඩි කාළේ කඩවල්වල ගන්න තිබුනා එක එක පාටින් මම එච්චරම කැමති නෑ. හැබැයි මචං මගේ ආසම දෙයක් තමයි රුලං කෙක් ශත 35 ලොකු කැල්ලක් හොරෙනුත් ගන්නව.

    තව ආසම දෙයක් තමයි බුල්ටෝ, ජිනදාස ගේ තල ගුලි වගේ ඒ කාළේ ගුනසිරි ගේ බුල්ටෝ මාර ජනප්‍රියයි. පොඩි එකක් ශත 5 යි. ලොකු එකක් ශත 25 යි. ඇයි එතකොට ටාටා. මටත් හිතෙනව පෝස්ට් එකක් දාන්න.

     

  3. පුලුවන් නම් හදපු දවසට මටත් මේල් කරල එවන්න‍. :D

    @මාතලන්
    ඇයි එකක් පුලුවන් තරම් ලියන්න. අදකාලේ එවුන් බුල්ටො වල නම වත් අහල තියෙද දන්නෑ.

     

  4. ෂක් . . මරු කෑමක් නේ පොල් ටොෆි . . අපේ කැන්ටින් එකේනේ පොල් ටොෆි තියෙන්නේ. එවා නම් මාරම රහයි මචන්. කියලා වැඩක් නෑ.

     

  5. MaJee Said,

    ෂා.... පොල් ටොෆි මාර රසයි තමයි. අපි හය වසරෙදි හැදුව මතකයි. ඊටපස්සෙ කවදාවත් හැදුවෙ නෑනෙ. හදන්න ලේසියි පදම තමයි වැදගත්.

     

  6. Naliya Said,

    ඇත්තටම පොල් ටොපි රසනම් කියල වැඩක් නැ.පොල් ටොපි වලට අකමැති කෙනෙක් හොයා ගන්නත් බැරි තරම්....

     

  7. h Said,

    @ ALSJ - මිල්ක්මේඩ් වලින් පොල් ටික ගානට ඇලෙනව ඇති නේද? ඔයා කෑවද ඉතිං අපෙ අම්මගෙ ඒවා?

    @ මා තල අං - රුලං කේක් ගැන කතා කරල වැඩක් නෑ වගේ. අපේ ට්‍රිපේ චීප් ඕගනයිසරුත් ඔන්න රුපියල් 600ක රුලං කේක් ගත්තා අද. බුල්ටොත් මම ගොඩක් පොඩි කාලෙ හොඳට රස විඳල තියෙනව. තල ගුලි නම් තාම තියෙනව වුණාට පරණ කොලිටිය නම් නෑ. තව ජාතියක් තිබුණ ලා රෝස පාට විශ්කම්භය අඟල් 7-8ක් වුණ කඩදාසි වගේ රවුම් ජාතියක්. අපි නම් කිව්වෙ "නයිස්" කියලා. ඒවත් රුපියලට පහක් ගන්න පුළුවන්. පිටි තමයි. මාරයි.

    ඕන නම් කමු බොමු එකට සෙට් වෙන්න ඉතිං. ඔය නලිය කියන්නෙ ඇඩ්මින් අයිය. එයාට දාන්න මේල් එකක්.

    @ ගයාන් - අ‍නේ බං දැං හදපුවගෙ කෑලිත් නෑ. ඔයා ඔය පින්තූරෙවත් බලල සැනසෙන්ට :D

    @ හුටපට - අපේ කැන්ටිමෙත් තිබුණා. ඒව නම් ගෙදර තරම් කොලිටි නෑ. ගොඩක් විකුණන්න හදන තැන් වල පොල් කුඩුත් පාවිච්චි කරනවලුනේ.

    @ මජී - ඇත්ත ඇත්ත. පදම වැරදුණොත් පොල් ටොපි කෙසේ වෙතත් පොල් ටොපි ගල් හරි පොල් ටොපි කරි හරි තමයි කන්න වෙන්නේ.

    @ නලියා - අම්මෝ උඹව දැක්ක කල්? කොහෙද බං ඉන්නේ? අර විජයබාහු කාරයත් කොහෙද මන්දා...

     

  8. Naliya Said,

    @h
    ඔව් බන් ඔෆිස් එකෙ වැඩ අම්මබානෙකට,මේ වැස්ස නිසා internet connection එකත් අප්සට් වෙලා තිබුනේ ඔන්න අද තමයි අයේ ඔක්කොම හරි ගියේ..

     

  9. නියමායී....
    මම ආසම කෑමක්...

     

Post a Comment

ප්‍රතිචාර දැක්ක්වුවාට චියස්ස් !!!!!!