මුලින්ම පොල් ගාල තියාගන්න. සාමාන්‍යයෙන් ලොකු පොල් ගෙඩි 2කට සීනි ග්‍රෑම් 600ක් විතර ඇති වෙයි මගෙ හිතේ. ඒ වගේ ලොකු පොල් ගෙඩි දෙකකින් අඟල් 1 1/4 කෑලි 100ක් විතර කපාගන්න පුළුවන්
සීනි ටික වතුර හැඳි කීපයක් එක්ක ලිපේ තියන්න. ඒක උණු වෙද්දි මුලින්ම එනසල් කුඩු කරල ටිකක් එකතු කරන්න ඕන. ඊටත් පස්සෙ පොල් ටික දාල හොඳට කලවම් කරන්න ඕන. වතුර ගතිය යන්තම් තියෙද්දි වැනිල ටිකක් දානව සුවඳ වෙන්න. ආයෙත් කලවම් කරන්න ඕන ඇලෙන නොඇලෙන ගානට. කෑම වලට දාන පාට වලින් කැමති පාටක් දාගන්න පුළුවන්. අම්ම නම් දාන්නෙ රතු පාට තමයි. ඒක ඉතිං හැදුවම රෝස පාට වෙනවා. ඒකෙන් රසේ වෙනසක් නම් වෙන්නෙ නෑ. ලුණු බින්දුවක් දෙකක් දාගත්තත් කමක් නෑ කියලයි අම්ම කිව්වේ.
මේක අතිශය පැණි රස කෑමක්. ඒ නිසා පැණිරස කෑම සම්බන්ධව ප්‍රශ්ණ තියෙන අය නොකෑවට කමක් නෑ. එහෙම නෙවෙයි නම් ඉතිං බේදයක් නෑ.
පොල් ටොෆිය අවුරුදු කැවිල්ලක් විධියට අපේ ගෙදර හදනවා. ඒක මම දන්න කාලෙ ඉඳන් තියෙන දෙයක්. ඒ වගේම විශේෂ අවස්ථාවලදිත් ලේසියෙන් හදාගන්න පුළුවන්කම තියෙන කවදාවත් ඉතිරි නොවෙන කෑමක් තමයි පොල් ටොෆිය. තේ වලට සීනි නොදමා පොල් ටොෆියක් එක්ක එහෙම බොන්න පුළුවන්. ඔයාලත් වෙලාවක උත්සාහයක් අරන් බලන්න.
දැක්කමත් කටට කෙළ උනනවා. මේ උණ මරගාතේ පෝස්ට් එක දැකලා ගොඩ වැදුනේ. අපි නම් ඕක හදනකොට බාන්න ළං වෙලා මිල්ක්මේඩ් මේස හැන්දකුත් දානවා. එතකොට නිකන් අර විසිරෙන ගතිය නැති වෙනවා. ගොඩක් හයි වෙන්නේ නැහැ.
(මම ඉතින් පණ්ඩිතයා වගේ කිව්වට මට හදන්න බැහැ, ඒ කාලේ අපේ අම්මා හදනවා මතකයි. :D :D )
අපි පොඩි කාළේ කඩවල්වල ගන්න තිබුනා එක එක පාටින් මම එච්චරම කැමති නෑ. හැබැයි මචං මගේ ආසම දෙයක් තමයි රුලං කෙක් ශත 35 ලොකු කැල්ලක් හොරෙනුත් ගන්නව.
තව ආසම දෙයක් තමයි බුල්ටෝ, ජිනදාස ගේ තල ගුලි වගේ ඒ කාළේ ගුනසිරි ගේ බුල්ටෝ මාර ජනප්‍රියයි. පොඩි එකක් ශත 5 යි. ලොකු එකක් ශත 25 යි. ඇයි එතකොට ටාටා. මටත් හිතෙනව පෝස්ට් එකක් දාන්න.
පුලුවන් නම් හදපු දවසට මටත් මේල් කරල එවන්න. :D
@මාතලන්
ඇයි එකක් පුලුවන් තරම් ලියන්න. අදකාලේ එවුන් බුල්ටො වල නම වත් අහල තියෙද දන්නෑ.
ෂක් . . මරු කෑමක් නේ පොල් ටොෆි . . අපේ කැන්ටින් එකේනේ පොල් ටොෆි තියෙන්නේ. එවා නම් මාරම රහයි මචන්. කියලා වැඩක් නෑ.
ෂා.... පොල් ටොෆි මාර රසයි තමයි. අපි හය වසරෙදි හැදුව මතකයි. ඊටපස්සෙ කවදාවත් හැදුවෙ නෑනෙ. හදන්න ලේසියි පදම තමයි වැදගත්.
ඇත්තටම පොල් ටොපි රසනම් කියල වැඩක් නැ.පොල් ටොපි වලට අකමැති කෙනෙක් හොයා ගන්නත් බැරි තරම්....
@ ALSJ - මිල්ක්මේඩ් වලින් පොල් ටික ගානට ඇලෙනව ඇති නේද? ඔයා කෑවද ඉතිං අපෙ අම්මගෙ ඒවා?
@ මා තල අං - රුලං කේක් ගැන කතා කරල වැඩක් නෑ වගේ. අපේ ට්‍රිපේ චීප් ඕගනයිසරුත් ඔන්න රුපියල් 600ක රුලං කේක් ගත්තා අද. බුල්ටොත් මම ගොඩක් පොඩි කාලෙ හොඳට රස විඳල තියෙනව. තල ගුලි නම් තාම තියෙනව වුණාට පරණ කොලිටිය නම් නෑ. තව ජාතියක් තිබුණ ලා රෝස පාට විශ්කම්භය අඟල් 7-8ක් වුණ කඩදාසි වගේ රවුම් ජාතියක්. අපි නම් කිව්වෙ "නයිස්" කියලා. ඒවත් රුපියලට පහක් ගන්න පුළුවන්. පිටි තමයි. මාරයි.
ඕන නම් කමු බොමු එකට සෙට් වෙන්න ඉතිං. ඔය නලිය කියන්නෙ ඇඩ්මින් අයිය. එයාට දාන්න මේල් එකක්.
@ ගයාන් - අනේ බං දැං හදපුවගෙ කෑලිත් නෑ. ඔයා ඔය පින්තූරෙවත් බලල සැනසෙන්ට :D
@ හුටපට - අපේ කැන්ටිමෙත් තිබුණා. ඒව නම් ගෙදර තරම් කොලිටි නෑ. ගොඩක් විකුණන්න හදන තැන් වල පොල් කුඩුත් පාවිච්චි කරනවලුනේ.
@ මජී - ඇත්ත ඇත්ත. පදම වැරදුණොත් පොල් ටොපි කෙසේ වෙතත් පොල් ටොපි ගල් හරි පොල් ටොපි කරි හරි තමයි කන්න වෙන්නේ.
@ නලියා - අම්මෝ උඹව දැක්ක කල්? කොහෙද බං ඉන්නේ? අර විජයබාහු කාරයත් කොහෙද මන්දා...
@h
ඔව් බන් ඔෆිස් එකෙ වැඩ අම්මබානෙකට,මේ වැස්ස නිසා internet connection එකත් අප්සට් වෙලා තිබුනේ ඔන්න අද තමයි අයේ ඔක්කොම හරි ගියේ..
නියමායී....
මම ආසම කෑමක්...