මේක මන් ලියපු එකක් එහෙම නෙමෙයි නොදරුවාගෙන් කමු බොමු වලට ලැබුන ලිපියක්
"ම", මුචලින්ද, නලියා කෑම බීම ගැන මෙහෙම ලියනකොට මටත් නිකන් අතපය තියාගෙන ඉන්න බෑ කියල හිතුන. හැබැයි හරක් මස් ගැන කැමැත්තක් නැති අය මේක කියවන්න එපා.
ඉතිං ඉස්සෙල්ලම මගේ මතකයට ආවෙ කොම්පඤ්ඤ වීදියේ මැලේ කඩේ. කඩේ ඇත්ත නම නම් මැලේ කඩේ නෙමෙයි. ඒත් වටේ පිටේ හැමෝම කියන්නෙ මැලේ කඩේ කියල තමයි. මැලේ කඩේ විශේෂත්වය ගැන මම මෙහෙම පටන් ගන්නම්. හැමෝම වගේ දන්නව නේද පිට්ටු ගැන. පිට්ටු කිව්වොත් ඉස්සෙල්ලම ඔළුවට එන්නෙ එක්කො මනි පිට්ටු, නැත්තං පොල් පිට්ටු. එක එක පළාත් වල එක එක නම් කියනව ඇති. මම අහල තියෙන විදිය තමයි ඔය කිව්වෙ. මගේ වැඩි කැමැත්ත මනි පිට්ටු. පොඩි කාලෙ ( තාමත් මම පොඩියි ) මනි පිට්ටු වලට පොල් කිරි දාල, සීනිත් දාල තමයි කන්නෙ. පොල් පිට්ටු කන එක නම් ටිකක් වාතයක්. මොකද හොදි හරි මොනව හරි දැම්මොත් ටක් ගාල ඔක්කොම, පොල් පිට්ටු වලට උරා ගන්නව. ඉතිං මේ මැලේ කඩේත් මනි පිට්ටු තියෙනව. මනි පිට්ටු කන්න මොනවද දන්නවද තියෙන්නෙ? "බාබත්" කරියක්. මිරිස් උපරිමේට තියෙන, ලොකු බාබත් කෑලි දෙක තුනක් තියෙන බාබත් කරියක්.
මම දන්න තරමින් හැමෝම බාබත් කන්නෙ නෑ. නමුත් බාබත් කන අය අම්බානක කනව. බාබ්ත් කිව්වම හරක් බාබත් සහ එළු බාබත් කියන දෙවර්ගෙම කඩවල් වල තියෙනව. හරක් බාබත් ප්‍රමාණයෙන් ලොකුයි. එළු බාබත් පොඩියි. මම කියන මේ මැලේ කඩේ තියෙන්නෙ හරක් බාබත්. සමාවෙන්න, හරක් මස් වලට අකමැති අයට මේක ටිකක් අප්‍රසන්න වෙන්න පුළුවන්. නමුත් මේ රසයට කැමති අයට නම් මේක අමුර්තයක් වගේ. ලොකු මනි පිට්ටු කෑල්ලක් එක්ක පොල් කිරි කෝප්පයක් සමග බාබත් කරියක් මට මතක හැටියට රුපියල් 100 ටත් අඩුයි. ඒ විතරක්ද මිත්‍රවරුනි, තව තියෙනව බැදපු බාබත්. එක කෑල්ලක් අඟල් දෙකේ දෙකේ විතර කොටුවක්. තෙල් බේරෙනව. පිස්සු හැදෙනව. එව්ව හැබැයි වෙනම ගෙවල ගන්න ඕනේ.
තව තියෙනව සුප් එකක්. ඒකත් ඉතිං හරක් සුප් එකක්. කාටිලේජ් පිරුණු ලොකු හරක් කටුවක් සමග එළවළු තියෙන සුප් එකක්. ඒකෙ ගාන රු. 50 යි. හැබැයි එක වේලකට හොඳටෝම ඇති. සුප් එකෙත් තනිකරම තෙල්. ඒත් රස නම් කියල වැඩක් නෑ. ඒ හරක් කටුවෙ තියෙන පෝෂණීයම කොටස තියෙන්නෙ කටුවෙ මැද. බෝන් මැරෝද මොකද්ද කියල කියන්නෙ ඒකට. ඒක එලියට ගන්න එක ආර්ට් එකක්. එක අතකින් කටුව අල්ලගෙන අනිත් අතින් ඒ අතට තට්ටු කරනව. එතකොට තමයි කටුවෙ ඇතුලේ තියෙන කොටස එළියට එන්නෙ. කිසිම පුරුද්දක් නැතුව පළවෙනි පාර ඒක කරන කෙනා අනිවාර්යයෙන්ම සුප් එක ඇඟේ හලාගන්නව. මේ ලියන මමත් බේරුනේ අහම්බෙන්.
එතනිනුත් ඉවර නොවී ඒ කඩේ තියෙනව තවත් රස නහර පිනා යන පැටිස් එකක්. ඒකට කියන්නෙ "පස්තොල්" කියල. සාමාන්‍ය පැටිස් එකකට වඩා ලොකුයි. ඇතුලෙ තියෙන්නෙ බාබත්. ඒකෙ රස උපරිමේට විඳින්න නම් උණු උණුවෙන් කන්න ඕනෙ. මුස්ලිම් ජනතාව නෝම්බි අල්ලන ( ආහාර වලින් තොරව දවස ගත කරන ) කාලයේදී මේ පස්තොල් බලාගෙන ඉන්නකොට ඉවර වෙනව. මොකද ඒ අවට මුස්ලිම් ජනතාව හවසට ඒ ආගමික වතාවත් ඉවර කරල ආහාර ගැනීම සඳහා පස්තොල් ගෙදර අරගෙන යනව. පස්තොල් එකක් මතකෙ හැටියට රු. 25 යි. තව තව පොඩි පොඩි කෑම වර්ග තිබුනත් මේ කියපු කෑම වර්ග තුන තමා
ප්‍රධාන. පොඩි උපදේසයක් දෙන්නම්, ගැස්ට්‍රික් එහෙම තියෙනව නම් පිට්ටු එක්ක දෙන බාබත් කරියෙ හොදි වැඩිපුර දාගන්න එපා. මිරිස් සහ තෙල් උපරිමයි. මෙහෙම කියන්නෙ අත්දැකීමෙන්. මොකද මටත් ගැස්ට්‍රික් තියෙනව. ඒ වගේම මේ කඩේ ඉතිහාසයක් තියෙන කඩයක්. කඩේ ගැන පත්තරේ තිබ්බ ලිපියක් එහෙම රාමු කරල බිත්තියෙ එල්ලල තියෙනව. මැලේ ජාතික පවුලක් තමයි පවත්වගෙන යන්නෙ. දන්න තරමින් මම කුක් කෙනෙක් එහෙම දැකල නෑ. පවුලෙ අයම කෑම හදන බව තමයි මම දන්නේ. මහ ලොකු කඩයක් නෙමෙයි. 6 දෙනෙකුට වඩා එක සැරේ ඉඳගන්න බැරි තැනක් ඒක. හැබැයි පිරිසිදුවට පිළිවෙළට තියෙනව.
විශේෂත්වය තමයි ඒ කෑමවල රස දන්න හැමෝම තරාතිරම පැත්තක දාල එතනට එනව කන්න. නාට්ටාමි කෙනෙක් සුප් එකක් බොනකොට ටයි දාපු අයත් පස්තොල් කනව. සමාවෙන්න හරියටම කඩේ නමයි, කෑම වල පින්තූරයි මේ වෙලාවෙ හොයාගන්න බැරි වුනා. කොම්පඤ්ඤ වීදියෙ පේව්මන්ට් එකේ "බර්ගර් කිං" දන්නව නම් මේ කියන මැලේ කඩේ හොයාගන්න අමාරුවක් වෙන්නෙ නෑ. ඊට පොඩ්ඩක් ඉස්සරහ දකුණට හැරෙන්න තියෙන පාරෙ වම් පැත්තෙ තමයි මේක තියෙන්නෙ. ඉතිං මම කියන්නෙ, කොළඹ පැත්තෙ ඉන්න බාබත් ලෝලියෙක් නම් කොහොම හරි මෙතනට යන්න.
ජය!
-
නොදරුවා

Subscribe to:
Post Comments (Atom)
කොහෙද බන් ඔය කඩේ තියෙන්නේ ස්ටේෂන් එක කිට්ටුවද?
මාත් හෙන පෙරේතයි හරක් මස් වලට.
මම මේ බ්ලොග් එකට මොකට එකතු වුණාද මන්දා... ඔය කියන එකක්වත් මම කිල නෑ ඕයි!
එළ.
යන්ඩ ඕනේ හොයාගෙන.උපදෙසට තුති නොදරුවෝ !
ඇයි බන් හරේ ලියපන්කෝ අර කොට්ටාවේ උඹලා සෙට් වෙන තැන ගැන. කැසබලංකාවද මොකද්ද එක ගැන
මන් නම් අහල තිබ්බට කවදාවත් කාල නම් නෙහෙ.... කන්න හිතෙන විදියටනෙ උබ ලියන්නෙ... අයෙ කවද හරි ලන්කාවට ආව ඩවසක බලන්න ඔනේ
මමත් කාලා නෑ මේ කියන එකක්වත්! ලංකාවේ නියම කෑම ගොඩක් තියෙනවනේ බලා ගෙන ගියාම ට්‍රයි කරලා බලන්න වටින... ;-)
@ ම, ස්ටේශන් එක පැත්තට යන්න ඕනෙ නෑ මචං, එතන හන්දියෙන් දකුණට හැරෙන්න ඕනේ. දැන් වන් වේ එකක් නිසා වරදින්න විදියක් නෑ. කොම්පඤ්ඤ වීදිය හරහා යන කොටුව බස් එකක නැග්ග නම් ( බස් එකේ යනව නම් ) හරි ලේසියි.
@ Haරේ, ඉතිං මාත් එහෙම තමයි බං, මාවත් මෙතනට එක්කගෙන ගියේ ඔෆීසියේ යාළුවෙක්. ඊට කලින් මම කාල තිබුනෙත් නෑ.
@ Cool Cartoon, කෑම ඉතිං ඉස්සෙල්ලම කරන්නෙ බලන එක. ඊට පස්සෙ තමයි කන්නෙ. ගින්න වැඩි වුනාම නොබලම කනව ඉතිං.
@ LG, කතාව ඇත්ත.
මම හරක් මස් නොකන බැවින් කිසිදාක බාබත් රස බැලීමට නොහැකි වනු ඇත. :)
අනගාරික ධර්මපාලතුමා එදා කියු විදියටම ගෙරි මස් කන නුබලා වැනි කළු සුද්දන්ගෙන් මේ පින්බර ලක්මාතාව පිරී ඇති බව මම සැකහැර දැන ගතිමි.
කෙසේ නමුදු නුබලා රස කොට කෑ ඒ සතාගේ ශාපය තවමත් නුබලා පසු පස පන්නන වග දැන්වත් දැනගනිව්.
ගෙරි මස් කන අපි වගේ කළු සුද්දන්ට වඩා මේකේ ගෙරි මස් නොකන එවුන් අපරාධ කරනවා. කරලා උන් යහතිනුත් ඉන්නවා ඒක නිසා ඔය සාපෙට මන් නම් බය නැහැ
නොදකින් "ම" හරකා...
"මාත් හෙන පෙරේතයි හරක් මස් වලට"..
හරකෙක් මරණ හැටි බලලා ඉවරවෙලා ඕක කියපං.
අපොයි මන් ඕනේ තරම් මන් දැකලා තියෙනවා. හරක් නෙමෙයි හැම සතෙක්ම. ඒත් මගේ මස් කෑමට බලපෑම් කරන්න නම් ඒවට පුළුවන් කමක් උනේ නැහැ. මන් කැමති ජාති මන් කනවා. මන් ආස ජාති මන් බොනවා. ඒවා ගැන කතත් කරනවා.
මේක අපි කැමති දේවල් ගැන කතා කරන්න හදා ගත්ත තැනක්. ඔබ තුමාට මේවා දිරවන්නේ නැත්නම් වෙන දිරවන ජාති හොයා ගන්න. අපිට අපේ වැඩේ කරගෙන යන්න ඇරලා.
හරි එහෙනම් මම නවතින්නම්. ඒත් ඔක්කොටම කලින් තමුන්ගේ ආමාශයෙ මත් වතුර එක්ක ජිවිතය ඉල්ලා කෑ ගහන හරක් මළකුණු ගැන අනෙක් අයට තළුමර මරා කියන්න කලිං පොඩ්ඩක් හිතලා බලලා හ්ර්ද සාක්ෂියට එකගව ලියන්න. මොකද ඕවා කියවන malee_msg වැනි සංවේදි මිනිස්සුන්ගේ හිත්වලට ලොකු වේදනාවක් ඒ ඇත්තන් මේ වගේ බොක්කෙන්ම කොමන්ට් නොදැම්මාට.
මෙන්න කසුන් මලීට කඩේ යනවෝ...
@කසුන් - මං වෙනුවෙන් කඩේ නොයන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි..! මං නොකන එක වෙනම වැඩකි.. අනුන්ගේ බත් පතේ ඇති මස් කෑල්ල නොකන පුරුද්දට නොකා ඉන්නවා මිස ඒ ගැන හූල්ලමින් මං ඕවා කන්නෑ බං උඹ කන්නත් එපා කියන පුරුද්ද මං ලග නැත..මගේ මට්ටම් මටය උන්ගේ මට්ටම් උන්ටය.. ඔබේ මට්ටම ඔබ ළග තබාගෙන අනුන්ගේ දේවල් වලට හොට නොදා ඉන්නවා නම් යහපතිය.. ස්තූති.
හප්පා.... කාලෙකින් බ්ලොග් පැත්තෙ ආවෙ නෑනෙ. අද තමයි මේක දැක්කෙ. කවුද අනේ මේ කසුන් කියන මිත්‍රයා. හරි උදාර උත්තමයෙක්. මට හරි සතුටුයි ඔබතුමන්වගේ අය තවමත් අප අතරේ ජීවත් වෙන එක ගැන. ජය!
නොකා ලෙවකන එවුන කට පියාගෙන හිටපල්ලා කන බොන අයට කන්න. මුන් කන්නෙත් කන එවුන්ට කන්න දෙන්නෙත් නැහැ.