
හරියටම තැන කියනවනම් පානදුර හොරණ පාරේ,පානදුරේ ඉදන් බන්ඩාරගම යනකොට බන්ඩාරගම පාළමත් පැනලා පළමුවැනි පාර දෙපැත්තේ තියන වෙල් යාය ඉවර වෙන තැනම් තියේන්නේ පොට් එක.
මෙතන සව් කැඳ,කිතුල් පිටි කැඳ,මුං ඇට කැඳ,කොල කැඳ වගේ ගොඩාක් ජාති තියනවා.මම නම් කැමති මේකෙ සව් කැද එකට පුදුම රසක් තියේන්නේ,හවසට උණු උණුවේ සව් කැඳ එකක් ගැහුවම රැට කන්න ඕනේත් නැති තැරම්.
මේ පොට් එකෙ සව් කැඳ එක ගැන කියනවනම් ,මගෙ ජීවිතේටම කැඳ මෙච්චර රසද කියල දැනුනේ මෙතනින් කැඳ බීයුවට පස්සේ.මේ සව් කැද එකේ නියම රස පැණි වගේම ගෙදර හදනකොට සාමාන්‍යයෙන් නොදාන හබල පෙති දාල නියමටම තියනවා.
කැඳ විදුරුව කට ගාවට ගන්නකොට එන අමුර්තය වගේ සුවඳ ,එක්කම උණු උණුවේ කැඳ උගුරක් කටට ගන්නකොට දැනෙන රසය කියලා නිම කරන්න බෑ.කැදවල පෙගුන හබලපෙති හැපෙනකොට කැඳවල රසය දෙගුණ තෙගුණ වෙනවා.
සව් කැඳ එකේ ගාන රු:30/= ,මට හිත ගන්නවත් බැ එච්චර අඩුවට කොහොමද මෙච්චර හොද බීමක් දෙන්නේ කියලා.




මෙතන කැඳ වගෙම ,හවසට කන ගමේ ගොඩේ කැම ජාති ටිකකුත් අනිවර්යේන් තියනවා,අද තිබුනේ පුහුල් දොසියි,රොටියි ,කැඳ එකක් ගැහුවම එවා කන්න බඩේ ඉඩක් නැ.මම කැඳ එකක් ගහලා ගෙදර අයට පුහුල් දොසි ගෙනවා.
ඇත්තටම බන්ඩාරගම පැත්තේ යනවානම් අනිවර්යෙන්ම කැඳ එකක් බීලා බලන්න.නියමටම තියනවා.