LG ගෙන් බීම ගැන
හැමෝම කන බොන ජාති ගැන කතා කරන කොට මම කොහොමද අනේ හිත හදා ගෙන පැත්තකට වෙලා ඉන්නෙ;-) මටත් හිතුනා මේ කන බොන ප්‍රොජෙක්ට් එකට සප් එකක් දෙන්න ;-)
බීම කියන්නේ නිකන් කලාවක් වගේ කියලා අපේ
ම,
නොදරුවා,
බුරු බබා වගේ අපේ සහෝදර සෙට් එක නිතරම කියන දෙයක්නේ..
ඉතින් කලාවට බොන්න කැමති අයත් එක්ක කොක්ටේල් ජාති ගැන කතා කරන්න මට හිතුනා.
සරළවම කිව්වොත් කොක්ටේල් එකක් කියන්නේ, මිශ්‍ර බීමක්. ගොඩක් වෙලාවට ලිකර් ජාති එකක් හෝ දෙකක් එක්ක, පළතුරු ජුස්, පළතුරු, සෝඩා, අයිස්, සීනි, පැණි, කිරි, ක්‍රීම් හරි අවුශද (herbals)මොනාහරි මිශ්‍ර කරලා තමයි මේවා හදන්නේ. නන් ඇල්කොහොලික් (non alcoholic) කොක්ටේල් වර්ගත් ගොඩක් තියෙනවා, මේවත් හරිම රසවත් ;-) කොක්ටේල් එකක් හදන හැටි, ශේකර් එකකින් ශේක් කරන හැටි, ඒ වගේම එක එක කොක්ටේල් සදහා භාවිතා කරන වීදුරු තෝරා ගැනීම, පිලිගන්වන ආකාරය.. ඔය වගේ බලන් කොට ඉතින් කොක්ටේලුත් එක්තරා විදියක කලාවක්.. කොක්ටේල්ස් වර්ග කරන්න පුලුවන් විදි කීපයකට,
කොක්ටේල් එක හදන්න භාවිතා කරන ප්‍රධාන ingredient එක අනුව:
- බියර් කොක්ටේල්
- බ්‍රැන්ඩි, කොන්යැක් (cognac) කොක්ටේල්
- ජින් කොක්ටේල්
- සකේ කොක්ටේල්
- ටිකිලා කොක්ටේල්
- වොඩ්කා කොක්ටේල්
- විස්කි කොක්ටේල්
- වයින් , ස්පාක්ලින්ග් වයින් කොක්ටේල්
- …………………..
ඇල්කොහොල් අඩංගුද , නැද්ද අනුව:
- ඇල්කොහොලික් කොක්ටේල්
- නන් ඇල්කොහොලික් කොක්ටේල්
මේ වගේම මූලික ingredient එක ලිකර් විදියට භාවිතා වෙන කොක්ටේල්. මේ වර්ගෙට වැටෙන්නේ,
- චොක්ලට් ලිකර්
- ක්‍රීම් ලිකර්
- පළතුරු ලිකර්
- හර්බල් ලිකර් වගේ ඒවා
කොක්ටේල් වල අනිත් විශේෂ කාරනේ තමයි , මේවට තියෙන අරුම පුදුම නම් ;-) ජින් ෆිස්, ජෝකර්, මයි ෆෙයා ලේඩි, පැරඩයිස්, ජින් සවර්, බ්‍රකාඩි, බ්ලූ හවායි, ඩ්‍රැගන් ෆ්ලයි, මාගරීතා, ටිකිලා සන් සෙට්, ටිකිලා සන් රයිස්.. සෙක්ස් ඔන් ද බීච් , සෙක්ස් විත් බාර් ටෙන්ඩර්.. එයින් ගියපුවාම, ඩබල් සෙක්ස් විත් බාර් ටෙන්ඩර්..
හපොයි පිස්සු ඩබල් වෙනවා සමහර කොක්ටේල් මෙනුස් දැක්කහම.. නිකන් මොකද්ද මොක්ද්දත් වගේ නැද්ද , බ්ලඩී මේරි එකක් දෙනවද් එහෙම කියල ඉල්ලන්නත්! හික්ස් :-D මගේ ප්‍රියතම කොක්ටේල් කීපයක් තමයි, සෙක්ස් ඔන් ද බීච්, මොහිතෝ, Caipirinha, Long Island Iced Tea, ටිකිලා සන් රයිස්, මාගරිතා, වොඩ්කා රෙඩ්බුල්, සන්ග්‍රියා, පින කොලාදා (Piña colada) වගේ ඒවා..
ම මෙතන කිව්වා වගේ, ගෙදර ඉතින් එක පාරට ඔය අරවා මේවා ගෙනත් තියා ගන්න අපහසුනේ. ඒ නිසා අවම අමුද්‍රව්‍ය වලින් හදා ගන්න පුළුවන් කොක්ටේල් කීපයක් ගෙදර හදා ගන්න විදිය කතා කරන්න කට්ටිය කැමති වෙයි කියලා හිතනවා.!
-
LG