ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

බීර හෙවත් බියර්

Posted by ආගන්තුකයා | Stranger On Monday, March 08, 2010
                බියර් බියර් බියර්... කතා කරන්න සුන්දර මාතෘකාවක්. ඒවුනාට කූල් නැති බියර් එකක් බොනවා කියන්නේ නම් මහ එපා කරපු වැඩ වලින් එකක්. බියර් සාමාන්‍යයෙන් 4% සිට 8% දක්වා ඇල්කොහොල් ප්‍රතිශතයක් අඩංගුවෙන පානයක් කිව්වොත් නිවැරදියි. මම පානයක් කියලා කිව්වෙ සාමාන්‍යයෙන් බියර් ලිකර් එකක් විදිහට සලකන්නෙ නැති නිසා. ඒ කියන්නෙ කාට හරි බියර් විතරක් තියෙන බාර් එකක් දාන්න ඕනි නම් ඒකට වෙනම බලපත්‍රයක් වුනත් ගන්න බැරිකමක් නෑ..
                වැඩියත්ම මම මේ සෙට්වුනේ බියර් හදන හැටි ගැන පොඩ්ඩක් කියන්න. (මේක කලින් පෝස්ට් එක වගේ වමනෙ යන එකක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.)බියර් හදනවා කියන එක කසිප්පු පෙරනවා වගේ ගෙදර ඉඳන් කරන්න බැරි හින්දා මේක එක අතකට කියන එක තේරුමකුත් නෑ වගේ ඒත් ඉතිං දැනගත්තොත් හොඳයිනෙ. ඒ නිසා කියන්නම්.
               උපකරණ ඇරුණාම බියර් හදන්න මූලිකව බාර්ලි, යීස්ට් හා බීර මල් යොදාගන්නවා. මේ තුනම හොයාගත්තත් අපිට අවශ්‍ය තත්ව ලබා දෙන්න ගියාම බර ගාණක් යන හින්දා බියර් එකක් බාර් එකෙන් බොන එක අපේ පොකට් එකට හොඳයි.
             මුලින්ම අපි බාර්ලි හොඳට වතුරෙන් පොඟවලා පැලවෙන්න තියන්න ඕනි.මේ මිශ්‍රණයට නිෂ්පාදනයේදී කියන්නේ මෝල්ටීන් කියලා. මේ මෝල්ටීන්වල තියෙන බාර්ලි පැලවෙන වේගය වැඩිකරන්න ගිබරලීන් පාවිච්චි කරනවා. (ගිබරලින් කියන්නේ ශාක හෝමෝනයක් මේක ඔය කෘෂි කඩවලනම් ගන්නත් තියෙනවා ගිබරලින් වලින් ශාක වර්ධන වේගය වැඩි කරනවා) මේමෝල්ටීන් ටිකක් කල් තිබ්බට පස්සෙ ගානට පැලවීගෙන එන බාර්ලි ඇට මිශ්‍රණයට අපි නිෂ්පාදනයේදී කියන්නෙ මෝල්ට් කියලා.මේ මෝල්ට් ඊට පස්සෙ හොඳට වේලනවා. බියර්වල රසයත් වර්ණයත් ලැබෙන්න මේ මෝල්ට් වේලන එක මූලික හේතුවක් වෙනවා කිව්වොත් හරියටම හරි.
             ඊළඟ පියවර තමයි මේ වේලපු මෝල්ට් වතුරෙන් හොඳට අඹරන එක ඇඹරීමෙන් පස්සෙ එන ඒ මිශ්‍රණයට කියන්නෙ වර්ට්ස් කියලා. මෙහෙම හදපු වර්ට්ස් වලට හෝප් කියලා මල් වර්ගයක් එකතු කරනවා. ඔන්න ඔතනින් තමයි බියර් වලට ආවේණික තිත්ත රසය එන්නෙ. තිත්ත නැත්නම් ඉතිං බියර් නෙමෙයි නිසා මම හිතන්නෙ බියර් වල අනන්‍යතාවය තියෙන්නෙ මේ ක්‍රියාවලිය මත.අන්තිමට මේ බියර් මල් දාපු වර්ට්ස් හොඳට නටවලා යීස්ට් එකතුකරලා වාතය අයින් කරපු ලොකු සිලින්ඩර්වල දාලා දවස් 2-5 අතර පැසෙන්න දීලා පස්සෙ ඒ පැසුන මිශ්‍රණය පැස්ටරීකරණය කරලා පෙරලා ගත්තාම බොන්න පුළුවන් තත්වයේ තියෙනවලු. 
            හැබැයි ඉතින් මෙච්චර දවස් ගාණක් හදන බියර් එක හදන බියර් එක බොන්න යන්නෙ පැය දෙකකටත් අඩු කාලයක්නෙ..! මොනා කරන්නද ඉතිං බියර්නෙ...
              ආයි හමුවෙමු......!

12 Response to " බීර හෙවත් බියර් "

  1. Said,

    අපොයි රුපියල් 150ක් වගේ ගානකට ඔච්චර මහන්සි වෙන්න බැහැ වගේ බන්.

    මන් ඇත්ත නැත්ත දන්නේ නැහැ අපේ අයියා කෙනෙක් කිව්වා පිට රටනම් මොකද්ද කුඩු ජාතියක් තියෙනවලු ඒක ගෙනත් වතුරට දාපුගමන් බියර් වලට ගොඩක් සමාන බීමක් හැදෙනවා කියලා.

     

  2. ඒක නම් ඇත්ත. මේ විදිහට අපි බියර් බෝතලයක් හැදුවොත් වියදමම රුපියල් 10000ත් පනී. මම ලිව්වෙ දැනගන්නත් එක්ක..

     

  3. A/L Bio, Chemistry දෙකටම කසිප්පු, බියර් හදන විදිහ උගන්නනවා බන්...
    හොඳ ස්වයං රැකියාව.
    එල.

     


  4. මරණෙ කිව්වා වගේ කතාවක් අපෙ නැන්දා කෙනෙක් කිව්ව බවට පොඩි මතකයක් තියෙනවා. මොනවා උනත් බොන්නෙ නැතත් මේක ගැන දැනං ඉන්න එක නම් වටිනවා.

    ස්තූතියි දැනුවත් කෙරුවට ආගන්තුකයා..!

     

  5. Anonymous Said,

    මෙහේ කරන්නේ බෝතල් කරන එකද නැත්නම් ඔය ඔක්කොම මෙහෙද කරන්නේ?

     

  6. බියර් හදන්න ගන්න උක් ඊට පස්සේ විසි කරන්න ගෙනියන ලොරිය පාරේ ගියහම එන ගද දන්නවා නම් බියර් බොන්නේ නෑ...... :( අපේ ගේ එහා පැත්තේනේ ලයන් බියර් එක..... :D හික් හික්ස්...... :P

     

  7. මේකට මාවත් එකතු කර ගත්තා වුනත් අද වෙනකම් මෙලෝ දෙයක් ලියන්න බැරි උනා. . සමාවෙන්න ඕන ඒකට . . .

     

  8. බියර් නම් හිමිහිට බීවාම මරු නියමයි :පී

     

  9. බොන්න ලේසි වුනාට හද්දන්න මෙච්චර අමාරුයි කියලා නම් දැනගෙන හිටියේ නෑ... බලන් යද්දි පිටරටින් ආව ගොඩක් කෑම බීම ඔය වගේ තමා නේ.. මේ දවස් වල ටීවී එකේ යනවා චීස් ෆැක්ට්‍රි ගැන වැඩසටහන් ටිකක්.. චීස් කන්න ලේසි උනාට හදන්න ටිකක් අමාරුයි.. ඒ වගේ තමා බලන් ගියාම මේකත්

     

  10. බීර ක්‍රම තුනකට ගන්න පුලුවන්, බෝතල් (ලොකු, කුඩා) , කෑන්, ඩ්‍රාෆ්ට්.

    ඩ්‍රාෆ්ට් එක ලාබයි සුන්දරයි. මගේ ආසාම එක ස්ටෙලා, පෙරොනි ත් මරු. සැන් මිගෙල් පිලීපීනෙ, ටස්කර් කෙන්යාවෙ.
    බිටර් පයින්ට් එකක් බොන එක සිකුරාදා චාරිත්‍රයක්. ගිනස් වගෙ සැර ඒවත්, තිරිඟු බියර් (ඇතුලේ කුඩු කුඩු පාවෙන ) මේ අතර තියෙනවා. 'ඒල්' ඉන්ගිරිසි බියර්, ඒක තිත්තයි.

    අම්මපා බොන සංස්කෘතියේ දිග පළල.

    ජර්මන් බීර 'ඔක්ටොබර්ෆෙස්ට්' එකේදි බොන්න ඇත්තම්. ජර්මනියෙ ඉන්න අය අපටත් සුබ පතලා බොන්ඩලා.

     

  11. Anonymous Said,

    ඔකේ අතුරු ආබාද නැද්ද බන්???

     

Post a Comment

ප්‍රතිචාර දැක්ක්වුවාට චියස්ස් !!!!!!