කෑම බීම ගැන අනන්ත අප්‍රමාණ රූපවාහිනී වැඩසටහන් අපි දැකල තියෙනව. සමහර වැඩසටහන් වල කෑම බීම හදන හැටි කියල දෙනව. සමහර වැඩසටහන් වලදි වැඩසටහන ඉදිරිපත් කරන්නා තැන් තැන් වලට ගිහින් කෑම රස විඳින ගමන් ඒ කෑම ගැන යම් යම් විස්තර කියල දෙනව. ලංකාවෙ රූපවාහිනී නාලිකා වලට වඩා පිටරට නාලිකා වල ( ට්‍රැවල් ඇන්ඩ් ලිවින්ග් වගේ ) මේ වගේ වැඩසටහන් බහුලයි. මේ වගේ වැඩසටහන් ජනප්‍රිය වෙන්න එක දෙයක් අත්‍යවශ්‍යයි. හුඟදෙනෙක් හිතයි රස කෑම කියල. නමුත් මගේ අදහස වෙනස්. මම කියන්නෙ මේ වගේ වැඩසටහනක ජනප්‍රියත්වය රැඳිල තියෙන්නෙ වැඩසටහන ඉදිරිපත් කරන්න අතේ කියන එකයි මගේ අදහස. මම වැඩි විස්තර කියවන්නෙ නැතුව දෙන්නම් උදාහරණයක්. මේක මම කැමතිම වැඩසටහනක්. කෑමක් බීමක් හදන විදියක් ගැන මේකෙ වැඩි විස්තරයක් නැති වුණත් මේක බලන්න වටින වැඩසටහනක්. මොකද මේ වැඩසටහන කරල තියෙන්නෙ ලංකාව ගැන.
Subscribe to:
Post Comments (Atom)
එළ මචං
මන් මේ වගේ ඒකක් දැකලා තිබ්බේ High Way on My Plate එකේ ගිය එක විතරයි
පොඩි වීදුරුවකට අරක්කු අරන් එක හුස්මට බොනකොට අපි නිකන් බලන්නේ අපෝ මූ නම් අමු බේබද්දෙක් කියලා. ඒ උනාට ෂොට් ග්ලාස් වලට අරක්කු දාලා නීට් ගහන එකකුත් තියෙනවනේ බැලුවම (2වෙනි වීඩියෝ එක)
මේක මම කැමතිම වැඩසටහනක්. තව andrew zimmernගේ Bizarre Foods එකත් බලන්න.
http://en.wikipedia.org/wiki/Bizarre_Foods_with_Andrew_Zimmern
නියමයි මචෝ මම ඔක්කොම බැලුවා
ලංකාවට තියන ආදරේ තවත් වැඩි වෙනවා
මම මේකේ ඇඩ්ස් ට්‍රැවල් ඇන්ඩ් ලිවින් වල යනවා දැකලා තියනවා.. ඒත් ගොඩක් වෙලාවට රෑ10ට විතර තමා යන්නේ.. ඉතිං මට බලන්න වෙන්නේ නැහැ.. ඔය වර්ගයේ වැඩසටහන් වලින් මම කැමතිම වල්ඩ්ස් කැෆේ එෂියා කියන එකටයි හයි වේ ඔන් මයි ප්ලේට් එකටයි.. ඒ ඇරුනහම කෑම ගැන කොයි වැඩසටහනටත් ඉතිං අනේ මම නම් ගොඩක් කැමතියි.
මේ වීඩියෝ එකේ ලංකාවේ ඇත්ත තත්ත්වය වෙනස් කරලා ඉන්දියාවේ විදියට තමා පෙන්නන්නේ. කොළඹ තියෙන ජරාම පොට් වලට එක්කගෙන ගිහිල්ලා ලංකාවත් නිකං සවුත්තු කරලනේ. අනිත් එක උඩරට පැත්තේ තියෙන විශේෂ, ලංකාවටම ආවේනික වුණ කෑම ජාති පෙන්නල නෑ.
කොහොම වුනත් මේ වගේ දෙයක් හරි පෙන්නපු එක අගේ කරන්න ඕනෙ.
Cool