මේක අද අපේ කාර්යාලෙ සිද්ධ වුණ කතාවක්. කෑමට සම්බන්ධ නිසා ලියන්න හිතුණ.
මේක අද අපේ කාර්යාලෙ සිද්ධ වුණ කතාවක්. කෑමට සම්බන්ධ නිසා ලියන්න හිතුණ.
අපේ කාර්යාලෙ ඉන්නව කා.කා.ස. මහත්තයෙක් කලූ කියල. එයාගෙ ඇත්ත නම නං ධර්මදාස. ඒ වුණාට එයාගෙ දත් ටික ඇරෙන්න සර්වාංගෙම හොඳටම කළු නිසා කට්ටිය ආදරේටත් එක්ක කියන්නෙ කලූ කියලා. එයත් ඒ නමට කැමතියි. එයාට වයස දැන් 54යි. ලබන අවුරුද්දෙ විශ්‍රාම යන්නයි ඉන්නෙ.
කලූ කියවන්න මාර දස්සයි. ඒ කියන්නෙ එයාගෙ කතා සෙට් එකක් තියෙනවා. එයාට වැඩක් නැති වෙලේක අහන්න කට්ටිය ඉන්නව නං ස්ටාට් කලොත් නවත්තගන්න අමාරුයි.
අද එයා කියල දුන්න පපඩං හොද්ද හදන හැටි. මට හරියටම මතක නෑ. ඒ වුණාට දාන්නං කට්ටියටම ටෙස්ට් කරන්න.
අවශ්‍ය ද්‍රව්‍ය -
පපඩම් සෑහෙන ප්‍රමාණයක් (ඉන්න කට්ටියට සෑහෙන්න)
ළූණු, අමු මිරිස්, කරපිංචා, රම්පෙ, උළු හාල් වගේ හොද්දක් හදන්න ඕන කරන කුළු බඩු.
ගා ගත්තු පොල්...
සාදන ක්‍රමය -
කොරන්න කියල ඒ තරම් දෙයක් නෑ. මුලින් පපඩං ටික කැමති හැඩේකට කපාගෙන බැදගන්න. ඒක අරන් තියලා සාමාන්‍ය කිරි හොද්දක් හදන විධියට අනිත් තලමනා සහ පොල් කිරි භාවිතයෙන් හොද්දක් හදාගන්න. හොද්ද ලිපෙන් බාන අවස්ථාවට කිට්ටු වෙනකොට බැදගත්තු පපඩං ටික ඒකට දාල මදක් කලවං කරගන්න. දැන් පපඩං හොද්ද සූදානම් !
මේක ඇහුවම අපිට මුලින් හොඳටම හිනාගියා. මේක හරියට අර ඇණ සුප් වගේ එකක් වෙන්න ඇති කියලා. ඒ වගේම සාමාන්‍යයෙන් පපඩං වලට වතුර වැටුණම පෙඟෙන නිසා මේක හරියන්නෙ නැති බව තමයි අපේ සූපවේදී කාන්තාවො සෙට් එක නම් කිව්වෙ. ඒ වුණාට කලූ නම් පුන පුනා කිව්වෙ මේක පෙඟෙන්නෙ නෑ කියලයි. හැමදාම කන පපඩං වලට වඩා වෙනස් විධියට කන්න පුළුවන් කියලයි.
අපේ කාන්තාවො නම් මේක විශ්වාස කලේම නෑ. ඒ වුණාට හැමදාම කන විධියටම හැමදාම කන්න කැමති නැති මම නම් මේක හොඳ අදහසක් කියලයි හිතුවෙ. මොකද හිතන්නෙ කට්ටිය?
පින්තූරෙ මෙතනින් - http://diyatha.com/web/pinthura/images/foods/foods.htm
Subscribe to:
Post Comments (Atom)
හොද්ද හදලා කෑමට ගන්න කලින් පපඩම දිය වෙයිද දන්නේ නැහැ නේ බන්. හැබැයි හොඳට කටදන්න හදපු හොද්දකට පපඩම් දාලා ගත්තා නම් හොඳට තියෙයි මන් හිතන්නේ.
පපඩම් සම්බෝලත් එක්ක කුඩු කරල අනල ගත්තනම් මරු. මම ට්‍රයි කරල තියෙනව.
කාලම බලන්න ඕන. මේ දෙක වෙන වෙනම කෑවට කවදාවත් පපඩම් හොද්දට දාල කාල නෑනෙ. අර ඔතන හිටපු ගෑණු අය ටික ගෙවල් වල පපඩම් හොදි හදන්න ගිහිල්ල අම්බානක බැනුම් අහනවද දන්නේ නෑ.
@ ම - කලූ කියපු විධියට නම් එහෙම වෙන්නෙ නෑලු. කරල නැති නිසා කියන්න බෑ හරියට. ඒත් මිනිහ නම් හොඳටම ෂුවර් පිටයි කිව්වෙ.
@ ග - ඇත්තම කියනවනම් මම වැඩිය පපඩම් වලට ආස කොනෙක් නෙවෙයි. ඒ නිසා ඒකත් එක්ක පරීක්ෂණ කරල නැති තරම්. හැබයි සම්බල් එක්ක හොඳ ඇති :)
@ ද - ට්‍රයි කරල බලල කියන්නකෝ. අපෝ දන්නවනේ රාජ්‍ය සේවෙ කට්ටිය. කවදාවත් වෙනස් වෙන්න කැමති නෑනේ. එයාලගෙ ඉවිල්ලත් ඒ වගේ තමයි. සදා එකම ක්රමවේදං තමයි.
මගේ දීර්ඝ කාලීන කුකින් එක්ස්පීරියන්ස් වලට අනුව නම් මේක ඒ තරම් හොඳ වෙන එකක් නෑ.. මොකද අනිවාර්යෙන් පපඩම් උණු හොද්දකට වැටුනම් ටිකක් හරි පෙගෙනවා.. එතකොට ඒක හං වගේ වෙනවා නේ.. එතකොට පපඩමක තියන සාමාන්‍ය කොලිටි එක නැති වෙයි.. අමු පපඩම් කනවා වගේ වෙයි.. හැබැයි ඉතිං මේක අමුතුවෙන් හදන්න ඕනි නැ.. කන්න කැමති කෙනෙක් ඉන්නවා නම් බත් එක බෙදාගෙන අනිත් හොදිවලට කලින් පපඩම් බෙදාගෙන ඒ උඩින් හොදි ටිකක් උඩින් දා ගත්තා නම් හරි.. පපඩම් කරි එක කනවා වගේ තමයිනේ ඉතිං...
හක් හක් හා. :D
malee_msg ගේ උත්තරය නම් මරු.