මොනවද හැබෑටම ජාඩි කියන්නෙ ? මේ දකුණු පලාතේ මුහුදුකරේ ගම් වල අති ප්‍රසිද්ධ කෑමක් . ජාඩි කන්නත් , ජාඩි හදන්නත් නම් දරාපු උදවිය ඉන්නේ බලපිටිය , දොඩන්දූව ,රත්ගම ,ගිංතොට , අහංගම වගෙ ගාල්ල, මාතර පලාත්වල. ජාඩි හදන්නෙ මාලු වලින් .ඇත්තටම කිව්වොත් මේ මාලු කල්තියාගන්න සරල ක්‍රමයක් .වැල්ලකරේ ගම් වල මාලු අතිරික්තයක් තියෙන කාලෙට ලුණුත් ගොරකත් දාලා මාලු කල් තියාගත්තා අවාරෙට එහෙම නැත්නම් අහේනි කාලෙට කන්න . ඒ කාලෙ මිනිස්සු මාලු හිඟ වුණහම අද කාලෙ වගෙ වෙලඳ ඇමතිට බැන්නෙ නැහැ නෙව .
ජාඩි ගැන මම දන්නෙ අපේ ගෙදරත් කාලයක්ම ජාඩි හට්ටියක් තිබුණ නිසා . ජාඩි හදාගන්නෙ මෙන්න මෙහෙම .මේකට ඔනෙ වෙන්නෙ
1. අලුත් මාලු – වැල්ලෙන් ගෙනාව ගමන් නම් වැඩිය හොඳයි . හුරුල්ල , කුම්බලා (බෝල්ලො කියලත් කියනවා), බලයා, අලගොඩුවා, වගෙ මාලු තමයි ගන්නෙ . මාලු හොඳට ලුණු වතුරෙන් හරි , මුහුදු වතුරෙන් හරි හෝදගන්න ඕනෙ.මාලු වල තියෙන වැලි ඉවත් වෙන්න සෝදා ගැනීම වැදගත්.ඊට පස්සේ මාලුන්ගේ ඔලුවත් බඩත් අයින්කරලා ලොකු මාලුන්ගේ නම් පෙති කපාගන්න.
2. ලුණු කැට සහ වියලි ගොරකා යහමින් ඕනෙ වෙනවා.
3. පිරිසිදු වියලි ලොකු මැටි මුට්ටියක් අරගෙන ලුණු ගොරක තට්ටුවක් අතුරලා , මාලු පෙති හෝ මාලුවන් කීපදෙනෙක් තියන්න . දැන් ඊට උඩින් ආයෙත් ලුණු ගොරක අතුරලා ආයෙත් මාලු තට්ටුවක් අතුරන්න . මෙහෙම ඔක්කොම මාලු අතුරලා ඉවර වෙලා මුට්ටියෙ කට හොන්දට කඩ වැස්මකින් බන්දින්න . ඊට පස්සේ වතුර නොවැටෙන , මැස්සන් නොගැවසෙන තැනක මේ ලුණු ගොරක මාලු මුට්ටිය තියන්න .දුම් මැස්ස තමයි මේකට හොඳම තැන .
මාසයක් විතර ගියහම මාලු ටික ගාණට පදම් වෙලා තියෙනවා. ලුණු වල තියෙන ලවණ ගතියට මාලුවගේ ඇඟේ තියෙන වතුර ලුණු උරාගන්නවා . විද්‍යාත්මකව මේකට කියන්නෙ ආසෘතිය කියලා . ගොරකත් මේ වැඩේට උදව් වෙනවා. ඒ නිසා මාලු නරක් නොවී තියෙනවා. මේ මාලු මාසයක් විතර යනකොට කෑමට ගන්න පුලුවන් . අවශ්‍ය තරම් මාලු මුට්ටියෙන් අරගෙන හෝදලා පෙති කපලා මැටි හට්ටියකට දාලා , ඊට සෑහෙන්න රතුලූණු , හොඳ සැරට මිරිස් කුඩු , පමණට ලුණු (ලුණු දානකොට පරිස්සමෙන් මේව ලුණු මාලුනේ) , හායි හූයි කියන්න සැරට කොචිචි කරල් කීපයක් දෙකට පලලා, පමණට දිය කිරි දාල තැම්බීගෙන එනකොට මිටි කිරි එකතුකරලා හැඳි ගාල ලිපෙන් බාගන්න ඕනෙ . ජාඩි හොද්දට කන කෑමක් නිසා හොදි හිඳෙන්න දෙන්න එපා. ජාඩි වල නියම රහ එන්නෙ කොච්චි දැම්මහම . මේ ජාඩි හොද්ද එක්ක රතු බත් කන්න පුලුවනි ඔනෙ තරමක් . පොල් සම්බලකුත් එකතු වුණහම හරි රසයි . ජාඩි බත් අදින කෑමක්. ඒවගේම තමයි පොල් දාල තැම්බුව කොස් , දෙල් තම්බලා පොල් එක්ක කන්නත් ජාඩි හරි නියමයි . රතු බත් එක්ක , දෙල් කහ පොල් දාලා මලවලා , ජාඩි හොද්දක් හදාගත්තම හරි ජාති දවල්ට බත් කන්න .
ඉස්සර ජාඩි කඩවල් වල විකුණන්න තිබිල තියෙනවා. ඒව තිබිල තියෙන්නෙ පීප්ප වල දාලා. ජාඩි මුදලාලිලත් ඉඳලා තියෙනවා. ඒකනෙ සින්දුවක් තියෙන්නෙ "ඇරපිය ලුසිය දොර ජාඩි කඩේ ජෙමා මම " කියලා. ජාඩි හදන්න අති ප්‍රසිද්ද දොඩන්දුවෙ , බලපිටියෙ පැරැන්නො සුලුප්පු යාත්‍රා වල නැගිල ලුණු ගොරක එහෙමත් අරෙන ඉන්දියාවෙ තූත්තු කුඩි වරායට ගිහින් එහෙන් මාලු අල්ලන් ජාඩි කරලා ඒව පීප්ප වල දාගෙන ඇවිත් ලංකාවෙ විකුණුවා කියලාදොඩන්දූවෙ ධීවර වරාය ඉතිහාසයේ කියවෙනවා. මේ කියන්නෙ දහ නවවෙනි ශතවර්ශය මුල කාලෙ .
මේ ගාල්ල මාතර වැල්ලකරේ ජාඩි කොයිතරම් ප්‍රසිද්ධ කෑමක් ද කිව්වොත් ඒ ගැන මාර්ටින් වික්‍රමසිංහ ශූරින්ගේ කරුවල ගෙදර , අපේ ගම , උපන්දා සිට පොත් වල එහෙමත් සඳහන් වෙනවා මට මතකයි. කරුවල ගෙදර පොතේ සිරිමල් කරුවල ගෙදරගේ මල්ලි නිමල් කියනවා වැල්ලකරේ ගම් වල ගෑණු බුලත් හපලා මැදුන කටට රහ හොඳින් දැනෙන්නෙ හොඳට කොච්චි මිරිස් දාලා ජාඩි හොදි කනවා කියලා . වතුර වැටුනොත් , එහෙම නැත්නම් මාලු පරණ වුණොත් ජාඩි හට්ටියෙ පණුවො එකෙක් දෙන්නෙක් හැදෙන්න පුලුවන් කියලා මතයක් තියෙනවා. . ඒත් සමහර පැරණි උදවිය කියන්නෙ ඒක එතරම් හිතන්න ඕනෙ දෙයක් නෙවෙයි , පණුවො රස වැඩි කරනවා කියලා. මට මතකයි දවසක් ඔය ජාඩි ගැන කියාදෙන්න ගිහින් කොලඹ පැත්තේ යාලුවන්ට ඔය පණු කතාව කිව්වම ඒ හැමෝම "ඊය මල ජරාවක්" කිව්ව .හැබැයි ඒ නිසා ජාඩි පහත් කරලා සලකන්න ඔනෙ කෑමක් නෙවෙයි .එහෙමනම් අද කාලෙ අපි මොන තරම් වස විස කනවද උජාරුවට සල්ලිත් දීලා.ඒ එක්කම ජාඩි නිසා අපිට තව අතුරු පලයක් ලැබෙනවා. ඒවට කියන්නෙ "ලුණිජ්ජ" කියලා . අහල තියෙනවද මේ ගැන.ලුණිජ්ජ කියන්නෙ මාලු, ලුණු , ගොරක එක්ක පදම් වෙනකොට හට්ටියේ එකතුවෙන දියරෙට . ලුණිජ්ජත් සමහර කෑම උයනකොට රස කාරකයක් හැටියට කදිමයි . පොලොස් ගැට ,කෙසෙල් මුව උයද්දි ලුණිජ්ජ ටිකක් එක්කලහම වෑංජනේ පංකාදු පහයි. පොල්සම්බල් හදලා , දෙහි දානකොට ලුණිජ්ජ ටිකක් එක්කලහම හරි රසයි .
ජාඩි කන්න ආස කෙනෙක් ඉන්නවනම් ඉතින් හදාගන්න වෙනවා. එහෙම නැත්නම් ගාලු මාතර පාරේ යද්දි කොස්ගොඩ තියෙන සංචි ජාඩි බත් කඩේට ගොඩවුණොත් ජාඩි එක්ක බඩ පිරෙන්න බත්කාලා, ජාඩිත් , ලුණිජ්ජ බෝතලේකුත් මිලට අරන් යන්න පුලුවණි . මම මෙතැනට තාම ගිහිල්ල නැතත් අපේ තාත්තනම් කැමති බත් කඩයක් . එහෙමත් නැත්නම් දොඩන්දූව , බලපිටිය , ධීවර වරාය වලින් විපරම් කලොත් ඒ කිට්ටුව ඉන්න ජාඩි දාන ධීවරයන්ගෙන් ජාඩි මිලට ගන්න පුලුවනි . ඒ පලාත්වල තාමත් පැරණි උදවිය මේ කර්මාන්තෙ සුලුවට කරනවා . සුපර් මාකට් හරි සිල්ලර කඩවල හරි ජාඩි විකුනන්න තියෙනවා තවම මම දැකලා නැහැ. අදකාලෙ නවීන පන්නෙට හැදුන උදවියට ජාඩි රහ නොදැනුනත් මේ අපේ ගම් වල හොඳ කෑමක් .
ප/ලි
සටහන ලියන්න සමහර දේවල් අහගත්තේ අම්මගෙන්.මේ සටහන මෙතැනිනුත් කියවන්න පුලුවනි.
කවුරු කොහොම කිව්වත් දෙමල එහෙම නැත්තන් සයිවර් කෑම කිව්වාම ඉස්සෙල්ලාම මතක් වෙන්නෙ තෝසෙ(ඩෝසෙ,තෝසෙයි ).ලංකාවෙ තෝසෙ නැති සයිවර් කඩ නෑ නෙ.තෝසෙ නන් නානාප්රකාර ජාති තියනවා,ඒ අතරින් වඩාත්ම ප්රචලිත සාමාන්‍ය තෝසෙ එහෙම නැත්තන් ප්ලේන් තෝසෙ හා මසාල තෝසෙ.නිකන් තෝසෙ නං අපි හැමෝම කාල තියනවනෙ.සාම්බාරුයි සම්බලුයි එක්ක තමා බොහෝ විට ඒව කන්න තියෙන්නෙ.සාම්බාරු නං දන්නවනෙ..බොහෝ විට ඉතුරු වෙච්ච එලවලු විශේශයෙන් වට්ටක්ක,කැරට්,මුරුංගා වගේ ඒව දාල හදන තරමක් උකු හොද්දක්.සම්බෝලෙත් අපි එදිනෙදා දකින සම්බෝලෙට වඩා වෙනස්.බොහෝ විට පේස්ට් එකක් වගේ තමා.කොල හා රතු පාටින් සම්බෝලෙ තියනව.අනික් තෝසෙ තමා මසාල තෝසෙ.ඒ තෝසෙ තියෙන්නෙ බොහෝ වෙලාවට දෙකට හෝ හතරට් නමල,මැද අල වලින් හදපු මිශ්රනයක් තියනව.ඒකත් එක්ක බොහෝ විට සාම්බාරු වලට අමතරව පරිප්පු හොද්දකුත් දෙනව.මේක සම්පූර්න ආහාරයක්.ගාන බොහෝ විට රුපියල් 80 ඉදල 100 දක්වා වෙනව.මීට අමතරව සෑම තැනම නැති වුනත් බොහෝ රස තෝසයක් තමා ලූනු තෝස කියන්නෙ.පීසා එකක් වගේ පෙනුම.සාමාන්‍ය තෝසයේ මැදට ලූනු හා කිරි මිශ්රනයක් දාල හදන තෝසයක්.හරිම හොද සුවදක් තියෙන්නෙ,චීස් සුවද කිව්වොත් හරියටම හරි.ගානත් වැඩිපුර නෑ..රු120කට විතර ලබා ගන්න පුලුවන්.
තෝසෙ වගේම තව ප්රධාන කෑමක් තමයි ඉදියාප්ප(ඉඩියාප්ප ).අපරාදෙ කියන්න බෑ මේ පලාත්වල ඉදියාප්ප හදිස්සියකට එලාගෙන බුදිය ගන්න හරි පුලුවන්.එච්චර ලොකුයි.සාමාන්යයයෙන් උදේ ආහාර වේලකට ඉදියාප්ප 5යි වඩයයි ප්ලේන්ටියයි හොදටම ඇති.ඒ වගේම තමයි සයිස් එක වගේම ගානත් ලොකුයි,එකක් රු6ක් විතර වෙනවා.ඉදියාප්ප කන්න සාම්බාරුයි සම්බෝලයි පරිප්පුයි ඇරෙන කොට කිරි හොද්දකුයි මිරිස් හොද්දකුයි තියනව,කැමති එකක් අරන් කන්න පුලුවන්.ඉදියාප්පයි තෝසෙයි කඩේකින් ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම නොඉල්ලා වුනත් ලැබෙන දේවල් තමයි වඩ.ප්රධාන වශයෙන් වඩ ජාති තුනක් ගෙනෙල්ල තියනව.එකක් අපි හැමෝම දන්න පරිප්පු වඩේ,උලුදු වඩේ හා අල බෝල.පරිප්පු වඩේ නං කට්ටිය දන්නවනෙ.උලුදු වඩේ නං කන්න ඕන උනු උනුවෙන්ම තමයි,නැත්තන් ඉතින් පිටියි තෙලුයි ගිලිනව වගේ.කොහොම කෑවත් උලුදු වඩේ තෙල නන් යවන්න බෑ.මට පුදුම උදේ හවස වඩ ගිලින දෙමල මිනිස්සු කොහොම තෙල් පාලනය කරනවද කියල.ඒකටත් මොකක් හරි ක්රමයක් ඇති,දන්න කෙනෙක් ඉන්නවනන් ලියන්නකෝ.අනික තමා අල බෝලෙ,අලමිශ්රනයක් මැදි කල වඩයක් තමයි අලබෝලෙ කියන්නෙ.මේවත් රු25 ඉදල 30 දක්වා තමයි පරාසය වෙන්නෙ.
ඕව තමයි සාමාන්‍ය කඩයක දකින්න ලැබෙන ආහාර.කඩ ගැන කතා කරද්දි ගොඩක් දෙවල් තියනව කියන්න.කඩේට ඇතුල් වෙන්න ඉස්සෙල්ල හොදින් බලන්න ඕන ඒක නිර්මාංශ එහෙමත් නැත්තං වෙජිටේරියන්ද කියල.නැත්තන් කඩෙ ඇතුලට ගිහිල්ල මස් මාලු ඉල්ලුවොත් හරි අමාරුවකට තමා වැටෙන්න වෙන්නෙ.බොහෝ සාම්ප්රධායික කඩ බොහෝමයක් නිර්මාංශ,ඒවල බොහෝ වෙලාවට තියෙන්නෙ හැම දෙයක්ම සම්පූර්නයෙන්ම එලවලු (මඩකරි,මටකරි ) වලින් නිශ්පාදිත අහාර.ඒ වගෙම තමයි අහාර දෙන බදුනුත් හරිම විශේශිත ඒව.අපි බෙලෙක් පිගන් කියල හදුන්වන බොකුටු පිගන්වල ලන්ච් ශීට් දාල තමයි කෑම ගන්න තියෙන්නෙ.අපි කාල ඉවර වුනාම ඒ ලන්ච් ශීට් එක ඔතාගෙන් ගිහින් කුනු බක්කියට දාන එක අමතක කරන්න නන් එපා.එහෙම නොවුනොත් වේටර් කොලුවන්ගෙන් නෝන්ඩිය තමයි අහන්න වෙන්නෙ.අනික් කාරනේ තමයි වතුර.යාපනය නගර සීමාවට ඇතුලු වෙනකම් ජලය අපිරිසිදුයි.ඒකට හේතුව ජලයේ කැල්සියම්.වකුගඩු රෝගවලට ප්රධානම හේතුව.ඒත් කෝප්පයක් දෙකක් බීමෙන් නන් අබාදයක් වෙන්නෙ නැති බව කියන්න ඕනෙ.කඩවලින් වතුර බොන්න තියෙන්නෙ අර වටේ සිහින් උන බෙලෙක් කෝප්ප.එතරම් සිහින්ව දාරය සෑදීමේ අරමුන කෝප්පය කට නොතබා අගල් කීපයක් ඉහලින් තබා ගනිමින් වතුර බොන්නට සැලසීම.බලන්න හෝටලයක වගේ තැනක ඒක කොතරම් ප්රයෝජනවත්ද.දහස් ගනන් මිනිස්සු වතුර බොන කෝප්පය ගැන එයාල හිතල තියන විදිහ අපූරුයි නේද?
බත් ගැන කිව්වොත් උතුරු පලාතේ වැඩිපුරම භාවිතා වෙන්නේ රතු බත්.සුදු බතුත් නැතිවා නෙවෙයි.එයාල බත හදන්නෙ හාල් හොදට තම්බලා,ඒක නිසා බත් ඇටේ ගොඩක් විශාලයි.ඒක අපිටනන් හරිම අමාරුයි කන්න,නමුත් ගුණය ඉතා වැඩියි.නිර්මාංශ ආහාර වේලක් ගැන කතා කලොත් අනිවාර්යයෙන්ම එලවලු ජාති 3ක් තියනවාමයි.හැබයි ඒ එලවලු කවදාවත් දකුනෙ විදිහටනම් බලා පොරොත්තු වෙන්න එපා.ඇඹුල් ජාති වැඩියෙන් යොදා ගෙන තමයි එයාල කෑම හදන්නෙ.කෑම පාර්සලයක් ගනිද්දි එයාල සාමාන්‍යයෙන් බතුයි එලවලුයි බෙදලා නැවත ඒ එලවලු උඩට බත් හැන්දක් දමනව.ඒක එයාලගෙ සිරිතක්,හේතුව නන් දන්නෙ නෑ.
බත් ගැන කතා කරද්දි නොකියම බැරි දෙයක් තමා රසම් පානය.සමහර අය ඉන්නව රසම් එකේ රස ගුන අනුව යන කඩේ තීරනය කරන අයත්.එච්චරට රසම් එක විශේශයි.ඒකෙන් කෑම රුචිය ඇති කරනව, ඒක නිසාම හැම අහාර වේලකටම ඉස්සෙල්ල රසම් බොන්න දෙමල ජනයා පුරුදු වෙලා ඉන්නව.බත් එක්ක තව දෙන දෙන දෙයක් තමයි පපඩම්.ඒවලනන් එච්චර විශේශයක් නැති වුනත් ඒ එක්කම හම්බෙන මෝර මිරිසුයි අලුකෙහෙල් පෙති බැදුමයි නන් මරු.මෝර මිරිස් කියන්නෙ විශාලත්වයෙන් වැඩි හොදට ලුනු එහෙම තියන මිරිස් කරලකට.අපාරාදෙ කියන්න බෑ මරු සැර.ඔය ඔක්කොම ඉවරද?නෑ..තව තියනව..ඇයි සව් කැද එක.සාමාන්‍යයෙන් ටිකක් යමක් කමක් තියන කඩවල සව් එකත් වරදින්නෙ නෑ.ඕක තමයි සාමාන්‍ය කඩයක දවල් කෑම වේල.
රෑට කන එක ගැනත් යමක් කිව්වොත් ඉදියාප්පයි තෝසෙයි රෑට වරදින්නෙ නෑ.ඊට අමතරව පරාටත් ගන්න පුලුවන්.කොත්තුත් රෑටම විශේශිත වූ කෑමක්.හැබයි ඒකට විශේශත්වය දරන්නෙ ගොඩක්ම මුස්ලිම් කඩවල්.ඊට අමතරව ෆ්‍රයිඩ් රයිසුත් නැතිවා නෙමේ.රු200 කට වගේ හොද චිකන් රයිස් එකක් ගන්න පුලුවන්.
ඉතින් ඉවර කරන්න ඉස්සෙල්ල කියන්න ඕන ගොඩක් කට්ටියට යාපනය ගමනේදී හම්බෙන අවසාන හදුනාගත් සශ්‍රීක නගරය වෙන්නේ වවුනියා ව.බොහෝ දෙනෙක් කෑම ගන්න,තවත් අවශ්‍ය අඩුම කුඩුම ගන්න නවත්වන්නෙ වවුනියාවෙ.ඉතා විශාල නගරයක් වන වවුනියාවෙන් කවුරු හරි කන්න බොන්න එනව නන් අපිට රෙකමදාරු කරන්න තියෙන්නෙ සින්බොන් තමයි.ඒක තමයි නම.වවුනියා නගරයට ඇතුල් වෙද්දිම ෆුඩ් සිටිය යාබදව තියෙන්නෙ සින්බොන්.කෙටි ආහාර වලට ලාභ රස තැනක් තමයි එතන.ඒකෙම උඩ තට්ටුව බත් තෝසෙ ඉදියාප්ප චපාති වගෙ කෑම වලට.ඉහල බජට්ටුවක් තියනව නන් හොදම තැන නෙල්ලි ස්ටාර්.වෙජිටේරියන් අහාර ගන්නවා නන් තැන සුද්දානන්ද භවාන්.වවුනියාවෙ ඕන කෙනෙක් දන්නව ඔය තැන්. හොයාගන්න අමාරු වෙන්නෙ නෑ.
කැරට් අලයයි
ලොකු ළූනු ගෙඩි බාගයයි
බිත්තර දෙකයි
සෝයි සෝස් (ස්පයිසි)
බටර්/මාගරින් පොඩ්ඩක් (50 grams)
ගම්මිරිස්, ලුණු, බැදපු තුනපහ
පාන් පෙති දෙකයි (සැන්ඩ්විච් පාන් වෙන්න ඕනෙ)
ඉහත කී දේවල් වලට අමතරව ස්කිම්ඩ් මිල්ක් (skimmed milk) මිලි ලීටර් 75ක් විතර
- ලෝහ තැටියක් වුණාම පයිරෙක්ස් වීදුරු බඳුනකට වඩා ඉක්මනට වැඩේ වෙනවා.ඒත් පැයකට ආසන්න කාලයක් තියන්න (around 50 mins). පොඩ්ඩක් බලන්න විනාඩි 20න් 20ට වගේ. පිච්චිලා අඟුරු වුණොත් අහක දාන්නෙපා. දත් මදින්න ගන්න.
- උඩම රූපෙ තියෙන්නෙ මීට් ලෝෆ් එකක්.ඔයිට වඩා නම් පොඩ්ඩක් දුඹුරු පාට කරගන්න. මොකද පිටරට වල ගොඩක් අය මස් වැඩිය තම්බන්නෙ නෑ. ඒකයි රතු දුඹුරු පාට තියෙන්නෙ. නමුත් ඒක එච්චරම හොඳ වැඩක් නෙවයි.
- අවන් එකේ දාන්න කලින් අවන් එක ප්‍රී හීට් කරගන්න. (මුලින් රත් කරගන්න) නැත්නං බේක් නොවී තැම්බෙනවා!
මේ මගේ කමුබොමු වෙතට ලියන පලමු ලිපිය.ගුණදොස් විචාරයකුත් අන්තිමට තියල යන්න.
අල්ලු පරාටා..කට්ටිය වැඩිය අහල නැතිව ඇති,ඒත් අල පරාට කිව්වාම නන් දන්නව ඇති,නමුත් කීයෙන් කීදෙනාද කාල තියෙන්න ?මේක කොටින්ම උතුරු ඉංදියානු කෑමක්.මාත් මේක මුලින්ම දැක්කෙ හින්දි චිත්‍රපටි වලින්,උදේ හවස පිටි සහිත ආහාර ගන්න ඉංදියනුවො මේක සමබර ආහාර වේලක් ලෙස සලකා පාවිච්චි කරනවා.
අපේ අයටත් කොච්චරවත් පරාට කාලනන් එපා වෙලා ඇති.නිකන් පොල් රොටි කනවටත් වඩා මේක රහයි.පොඩි ට්‍රයි එකක් දීල බලන්න.හැබැයි මම මේක හදල තියෙන්නේ පොඩ්ඩක් කටදන ගානට,මොකද බහුතර අපේ කට්ටිය පොඩ්ඩක් hot දේවල්ට කැමතියි නේ.
අවශ්‍ය ද්‍රවය-
අල ගෙඩි 3ක්
පිටි කෝප්ප 3ක්
කහ කුඩු තේ හැදි භාගයක්
මිරිස් කුඩු තේ හැන්දක්
රට ලූණු ගෙඩි 2ක්
අමු මිරිස් කරල් 2ක්
ලුනු හා දෙහි අවශ්‍ය තරමට
දුරු ටිකක්(තියනවනන්)
ඉගුරු සුදුලූණු ටිකක්(තියනවනන්)
කොත්තමල්ලි කොල හෝ කරපින්ච කොල(පාට ගන්න )
ආ..තව වතුර ටිකක්,අල ගෙඩි තම්බ ගන්නයි,පිටි ටික අනා ගන්නයි.
කට්ටියට පරාට හදන හැටි නන් ආයෙ අමුතුවෙන් කියල දෙන්න ඔනෙ නෑනෙ,උදේ හවස මුස්ලිම් කඩවල දාඩිය පෙරාගෙන කට්ටිය අනන හැටි දැකල ඇතිනෙ.මේකටත් ඒ ටිකම තමයි,වෙනස තියෙන්නේ දාඩිය වෙනුවට අපි ලුනු ටිකක් දානව(ඊඊ..යා..:-p).
තේරෙන විදිහට කිව්වොත් පිටි වලට වතුරයි ලුනුයි පමනට දාල අතේ නොඇලෙන තරමට මෝලියක් හදා ගන්නවා.
ඒක පොඩ්ඩක් පැත්තකට තියල පිරවුම හදා ගන්නේ මෙහෙමයි.අර පෙර කිවූ අල,ලූණු,මිරිස් සහ කුලුබඩු ඔක්කොම එකට මිශ්‍ර කරනව,අල එහෙම හොදට තැම්බිලා තියෙන්න ඕනා,නැත්තන් හපද්දි පොඩ්ඩක් ප්‍රශ්න වෙනවා.
දැන් තමයි ලොකුම වැඩේ.අර ඉස්සෙල්ලා හදා ගත්ත පිටි මෝලිය හොදට රෝල් කර ගන්න ඕනෙ,මේකට පිරිසිදු බෝතලයක් යොදා ගන්න පුලුවන්.ඊට පස්සේ අර පිරවුම හොදට රවුම් කරල බෝලයක් හදාගෙන ඒක අර තුනී කරගත්ත පිටි මෝලිය උඩින් තියනවා.ඊට පස්සෙ ඒ පිරවුම අර තුනී කරගත් පිටි මෝලියෙන් ඔතනව.මඤ්ඤං වගේද?පින්තූර බලන්නකො එතකොට තේරෙයි.
ඊට පස්සෙ නැවත ඒ පිරවුම සහිත පිටි ගුලිය බෝතලයෙන් තුනී කරනව.මේකදී පිරවුම එලියට නොයන විදිහට පරිස්සමට රෝල් කරන්න ඕන.
දැන් තියෙන්නෙ සාමාන්‍ය පරාටයක් විදිහටම තෙල් ටිකක් දාල සාස් පානේ හරි කබලෙ(?) හරි බැද ගන්න.
පැය බාගෙන් රාත්‍රී ආහර වේලක්,උදෙටත් හොදයි.මේක ටිකක් සැර නිසා කරි එකත් පොඩ්ඩක් සැරට තිබ්බොත් හොදයි.හැබයි මට නන් මේකට හොදටම හරියන්නෙ හොද සැර පොල් සම්බෝලයක්.නියමට යනවා.නිකම්මත් කන්න පුලුවන්,හැබයි මන් රෙකමදාරු කරන්නේ තව කරියක් එක්කහරි සම්බෝලත් එක්ක හරි කන්න කියල.බත් කොච්චර වුනත් නිකන් කන්නෙ නෑ නෙ,අනිත් ඒවත් එහෙමනේ.
ඉතින් උත්සාහයක් දාලා ප්‍රතිචාරයක් අපිට දෙන්නකෝ.