ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

ආරම්භය ගැන යමක්

Posted by On Wednesday, January 06, 2010
ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්.

මගේ ජීවිතේනම් රසවත්ම සිදුවීම් ගොඩක්ම සිද්ද වෙලා තියෙන්නේ බෝතලයක් ලඟ ඉන්නකොට ඉතින් ඔය වගේ සිදුවීම් අනික් අයත් එක්ක බෙදා හදා ගන්න තමා මේ බ්ලොග් එක පටන් ගත්තේ. බීපු රසම බීම ජාති ගැන , කටේ තියන්න බැරි ඒවා ගැනත් අපි කතා කරමු.

හිනා යන ඒවා ගැන , අඬන්න හිතෙන දේවල් උන වෙලාවල් ගැන, මතක් කලත් පොළව පලාගෙන යන්න හිතෙන දේවල් ගැනත් වෙලාවේ හැටියට ලියන්න බැරියෑ.

ඉතින් අපිත් එක්ක ඔයවගේ දේවල් ගැන කතාබහ කරන්න ලියන්න කැමති අය ඉන්නව නම් කමෙන්ට් එකක් දාලා කියන්න.

එහෙනම් හැමෝටම චියර්ස්ස්ස්ස්!!!!!

7 Response to " ආරම්භය ගැන යමක් "

  1. Naliya Said,

    මමත් කාලයක් තිස්සේ හිතගෙන හිටිය දෙයක් ඔන්න අද එක ආරම්භ වෙනවා !.
    මට නියමට සෙට් වෙන ඩබලක් එක්ක බ්ලොග් ලියන්න ලැබිම සතුටක්.
    තව පොරවල් ඉන්නවනම් ඉස්සල්ල කියුවා වගේ comment එකක් දාන්න

     

  2. ඔන්න මාත් ආවා...!! චියර්ස්ස්ස්...!!!!
    කට්ටියටම ජයවේවා.. වෙරිවේවා..!!
    සතුට වැඩිවේවා..!!
    ඔය සේරම වෙලා ආයු බල නිරෝගී සුව පවතීවා..!!!

     

  3. h Said,

    මමත් සෙටා වෙන්නම්... මම සූජානං වෙලා ම ට මේල් එකක් දාඤ්ඤං!

     

  4. කණ පැලෙන්න ගහලා ආතල් එක තියෙද්දී නොවැටී සිටීමේ බීමක් අපේක්ශා කරන කන බොන අපිට පට්ට තැන... මමත් සෙට් වෙන‍වා නීති රීති එවපන්...

     

  5. Anonymous Said,

    එළම කිරි වැඩක්..මාවත් මේ වැඩේට set කර ගනින්..මමත් හොදට කන ‍බොන එකෙක්. රාජකාරිමය අවශ්‍යතා වෙනුවෙන් මමත් මත්වෙන දේවල් ගැනපොඩි පොඩි වැඩ කලා..

     

  6. Unknown Said,

    ආයු (වැරදුනා බීම) බොහෝ වේවා..

     

  7. නියම අදහසක්...දිගටම ලියන්න..අපි ආසාවෙන් කියවනව! :)

     

Post a Comment

ප්‍රතිචාර දැක්ක්වුවාට චියස්ස් !!!!!!