ආරම්භය ගැන යමක්

Posted by ම On 6:19 AM

ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්....

ආරම්භය ගැන යමක්

Koththu කොත්තු

Posted by මුචලින්ද On 5:04 AM

නලියා චිකන් සබ්මැරීන් ගැන ලියපු නිසාත්,මගේ මැරෙන තුරාවට ප්‍රියතම කෑම නිසාත්,සබා එකට වඩා වෙනසක් වෙන්න ඕන නිසාත් මගෙ මුල්ම පෝස්ට් එකට ලියන්නේ කොත්තු ගැන.අපේ ගෙවල් පැත්තේ අලුතෙන් දැම්මා කොත්තු කඩයක්.ඒකේ නම කොත්තු...

Koththu කොත්තු

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

Posted by Naliya On 9:43 AM

අරක්කුවලට දැක්ක ප්‍රතිචාර දැක්කම මේක කාලයක් තිස්සේ තිබුන අවශ්‍යතාවක් කියලා හිතෙනවා.හැබැයි හැමදේම සිමාවක් තියෙන්න ඕනේ පාලනයක් තිබුනොත් මේ බ්ලොග් එක හොදින් පවත්වා ගන්න පුලුවන් වෙයි.තේරෙනවනෙ මම කියන එක බීලා වෙරි මරගාතේ වෙන දේවල් ගැන කියන්න ඕනේ නැනේ....

බීමට හොද ප්‍රතිචාර, බලමු කෑමට....

අරක්කු

Posted by ම On 8:21 AM

ඉස්සෙල්ලම පටන් ගන්න එපායෑ කැමතිම මාතෘකාවකින් ඒක නිසා ඔන්න පටන් ගත්තා වෙරි වෙන එකකින්ම. ලංකාවේ ඇරෙන්න අනික් රටවල් වල නම් තියෙනවද දන්නේ නැහැ ඒත් අපේ රටේ නම් අස්සක් මුල්ලක් නෑර ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් දෙයක් තමා අරක්කු කියන්නේ නම්. ජනවාරි පළවෙනිදම ලඟම තියෙන බාර එකට සීල් තිබ්බට කිලෝමීටර 4ක් 5ක් යන්කොට තව එකක් හොයා ගන්න පුළුවන් නිසා අපිට මතට තිත් නම් තියන්න වෙන එකක් නැහැ.....

අරක්කු

බගර් නම් Burger's King තමා

Posted by Naliya On 9:43 AM

නිකන් පාරේ යනකොට බලාගෙන ගියත් ගිහින් මොනවා හරි කන්න හිතෙන පොට් එකක තමයි Burger's King කියන්නේ.මට මතකයි මමත් මුලින්ම කොළඹ බස් එකෙ තනියම අපු කාලේ මේතන ඉස්සරහින් යනකොට හිත හිත යනවා මෙතනින් කන්නම ඕනෙ කියලා.මේ කඩෙන් වැඩි කොටසක් පේමන්ට් එකෙ පවත්වාගෙන ගියාට ටිකක් හවස් වෙනකොට මෙතනට පොඩි පොරවල් වගේම බෙන්ස් කාර් ,ප්‍රාඩෝ වලින් ලොකු ලොකු කස්ටියත් බහිනවා.ලොකු පොඩි බේද නැතුව හැමෝම මෙතන කැමක් පේමන්ට් එකෙ ඉදන් රස බලන දර්ශනය

බගර් නම් Burgers King තමා

මේ දවස් වල ගොඩක් කස්ටිය යාපනේ සංචාරය කරනවා.ට්‍රිප් එකක් කියන්නේ කැම බීම වලට හිමි වන තැන ආයේ අමුතුවෙන් කියන්න ඔනේ නැනේ.අපි ට්‍රිප් එකක් යන්න කලින් යන පලාතේ කැම බීම ගැන දැනගෙන ගියොත් කොච්චර වටිනවද ? .කැම බීම හොදට රස විදින කෙනෙක් විදියට ,කමුබොමු එක්ක හමදාම ඉන්න කෙනෙක් විදියට මද්දු මේක අපිට ලියල එවලා තියනවා.

අද මම කියන්න යන්නෙ විශේශ කෑමක්වත් බීමක්වත් ගැන නෙවෙයි.අපේ රටේම තියන විශේශ කෑම උප සංස්කෘතියක් පිලිබදව. තමයි අපේ රටේ උතුරු පලාතෙ දෙමල ජනයා අතර ප්රසිද්ධ අයටම ආවේනික අහාර පිලිබදව.කොහොමත් දැන් පාසල් නිවාඩු කාලෙ කට්ටිය යාපනේ පැත්තේ එහෙම යන්න සූදානම් වෙලා ඇති.හැබයි මම මෙතන කතා කරන්න හදන්නෙ දෙමල ජනතාව එදිනෙදා අහාරයට ගන්නා පැත්තෙ සෑම කඩයකින්ම ගන්න පුලුවන් අහාර පිලිබදව.එතකොට රෝමෙට ගිහිල්ල රෝමන් කාරය වගෙ ඉන්නව වගේ උතුරට ගිහිල්ලත් දෙමල වගේම ඉන්න පුලුවන් වෙයි.නැත්තන් වැටෙන අමාරුව ලේසි පහසු නෑ නෙ.

කවුරු කොහොම කිව්වත් දෙමල එහෙම නැත්තන් සයිවර් කෑම කිව්වාම ඉස්සෙල්ලාම මතක් වෙන්නෙ තෝසෙ(ඩෝසෙ,තෝසෙයි ).ලංකාවෙ තෝසෙ නැති සයිවර් කඩ නෑ නෙ.තෝසෙ නන් නානාප්රකාර ජාති තියනවා, අතරින් වඩාත්ම ප්රචලිත සාමාන් තෝසෙ එහෙම නැත්තන් ප්ලේන් තෝසෙ හා මසාල තෝසෙ.නිකන් තෝසෙ නං අපි හැමෝම කාල තියනවනෙ.සාම්බාරුයි සම්බලුයි එක්ක තමා බොහෝ විට ඒව කන්න තියෙන්නෙ.සාම්බාරු නං දන්නවනෙ..බොහෝ විට ඉතුරු වෙච්ච එලවලු විශේශයෙන් වට්ටක්ක,කැරට්,මුරුංගා වගේ ඒව දාල හදන තරමක් උකු හොද්දක්.සම්බෝලෙත් අපි එදිනෙදා දකින සම්බෝලෙට වඩා වෙනස්.බොහෝ විට පේස්ට් එකක් වගේ තමා.කොල හා රතු පාටින් සම්බෝලෙ තියනව.අනික් තෝසෙ තමා මසාල තෝසෙ. තෝසෙ තියෙන්නෙ බොහෝ වෙලාවට දෙකට හෝ හතරට් නමල,මැද අල වලින් හදපු මිශ්රනයක් තියනව.ඒකත් එක්ක බොහෝ විට සාම්බාරු වලට අමතරව පරිප්පු හොද්දකුත් දෙනව.මේක සම්පූර්න ආහාරයක්.ගාන බොහෝ විට රුපියල් 80 ඉදල 100 දක්වා වෙනව.මීට අමතරව සෑම තැනම නැති වුනත් බොහෝ රස තෝසයක් තමා ලූනු තෝස කියන්නෙ.පීසා එකක් වගේ පෙනුම.සාමාන් තෝසයේ මැදට ලූනු හා කිරි මිශ්රනයක් දාල හදන තෝසයක්.හරිම හොද සුවදක් තියෙන්නෙ,චීස් සුවද කිව්වොත් හරියටම හරි.ගානත් වැඩිපුර නෑ..රු120කට විතර ලබා ගන්න පුලුවන්.

තෝසෙ වගේම තව ප්රධාන කෑමක් තමයි ඉදියාප්ප(ඉඩියාප්ප ).අපරාදෙ කියන්න බෑ මේ පලාත්වල ඉදියාප්ප හදිස්සියකට එලාගෙන බුදිය ගන්න හරි පුලුවන්.එච්චර ලොකුයි.සාමාන්යයයෙන් උදේ ආහාර වේලකට ඉදියාප්ප 5යි වඩයයි ප්ලේන්ටියයි හොදටම ඇති. වගේම තමයි සයිස් එක වගේම ගානත් ලොකුයි,එකක් රු6ක් විතර වෙනවා.ඉදියාප්ප කන්න සාම්බාරුයි සම්බෝලයි පරිප්පුයි ඇරෙන කොට කිරි හොද්දකුයි මිරිස් හොද්දකුයි තියනව,කැමති එකක් අරන් කන්න පුලුවන්.ඉදියාප්පයි තෝසෙයි කඩේකින් ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම නොඉල්ලා වුනත් ලැබෙන දේවල් තමයි වඩ.ප්රධාන වශයෙන් වඩ ජාති තුනක් ගෙනෙල්ල තියනව.එකක් අපි හැමෝම දන්න පරිප්පු වඩේ,උලුදු වඩේ හා අල බෝල.පරිප්පු වඩේ නං කට්ටිය දන්නවනෙ.උලුදු වඩේ නං කන්න ඕන උනු උනුවෙන්ම තමයි,නැත්තන් ඉතින් පිටියි තෙලුයි ගිලිනව වගේ.කොහොම කෑවත් උලුදු වඩේ තෙල නන් යවන්න බෑ.මට පුදුම උදේ හවස වඩ ගිලින දෙමල මිනිස්සු කොහොම තෙල් පාලනය කරනවද කියල.ඒකටත් මොකක් හරි ක්රමයක් ඇති,දන්න කෙනෙක් ඉන්නවනන් ලියන්නකෝ.අනික තමා අල බෝලෙ,අලමිශ්රනයක් මැදි කල වඩයක් තමයි අලබෝලෙ කියන්නෙ.මේවත් රු25 ඉදල 30 දක්වා තමයි පරාසය වෙන්නෙ.

ඕව තමයි සාමාන් කඩයක දකින්න ලැබෙන ආහාර.කඩ ගැන කතා කරද්දි ගොඩක් දෙවල් තියනව කියන්න.කඩේට ඇතුල් වෙන්න ඉස්සෙල්ල හොදින් බලන්න ඕන ඒක නිර්මාංශ එහෙමත් නැත්තං වෙජිටේරියන්ද කියල.නැත්තන් කඩෙ ඇතුලට ගිහිල්ල මස් මාලු ඉල්ලුවොත් හරි අමාරුවකට තමා වැටෙන්න වෙන්නෙ.බොහෝ සාම්ප්රධායික කඩ බොහෝමයක් නිර්මාංශ,ඒවල බොහෝ වෙලාවට තියෙන්නෙ හැම දෙයක්ම සම්පූර්නයෙන්ම එලවලු (මඩකරි,මටකරි ) වලින් නිශ්පාදිත අහාර. වගෙම තමයි අහාර දෙන බදුනුත් හරිම විශේශිත ඒව.අපි බෙලෙක් පිගන් කියල හදුන්වන බොකුටු පිගන්වල ලන්ච් ශීට් දාල තමයි කෑම ගන්න තියෙන්නෙ.අපි කාල ඉවර වුනාම ලන්ච් ශීට් එක ඔතාගෙන් ගිහින් කුනු බක්කියට දාන එක අමතක කරන්න නන් එපා.එහෙම නොවුනොත් වේටර් කොලුවන්ගෙන් නෝන්ඩිය තමයි අහන්න වෙන්නෙ.අනික් කාරනේ තමයි වතුර.යාපනය නගර සීමාවට ඇතුලු වෙනකම් ජලය අපිරිසිදුයි.ඒකට හේතුව ජලයේ කැල්සියම්.වකුගඩු රෝගවලට ප්රධානම හේතුව.ඒත් කෝප්පයක් දෙකක් බීමෙන් නන් අබාදයක් වෙන්නෙ නැති බව කියන්න ඕනෙ.කඩවලින් වතුර බොන්න තියෙන්නෙ අර වටේ සිහින් උන බෙලෙක් කෝප්ප.එතරම් සිහින්ව දාරය සෑදීමේ අරමුන කෝප්පය කට නොතබා අගල් කීපයක් ඉහලින් තබා ගනිමින් වතුර බොන්නට සැලසීම.බලන්න හෝටලයක වගේ තැනක ඒක කොතරම් ප්රයෝජනවත්ද.දහස් ගනන් මිනිස්සු වතුර බොන කෝප්පය ගැන එයාල හිතල තියන විදිහ අපූරුයි නේද?

බත් ගැන කිව්වොත් උතුරු පලාතේ වැඩිපුරම භාවිතා වෙන්නේ රතු බත්.සුදු බතුත් නැතිවා නෙවෙයි.එයාල බත හදන්නෙ හාල් හොදට තම්බලා,ඒක නිසා බත් ඇටේ ගොඩක් විශාලයි.ඒක අපිටනන් හරිම අමාරුයි කන්න,නමුත් ගුණය ඉතා වැඩියි.නිර්මාංශ ආහාර වේලක් ගැන කතා කලොත් අනිවාර්යයෙන්ම එලවලු ජාති 3ක් තියනවාමයි.හැබයි ඒ එලවලු කවදාවත් දකුනෙ විදිහටනම් බලා පොරොත්තු වෙන්න එපා.ඇඹුල් ජාති වැඩියෙන් යොදා ගෙන තමයි එයාල කෑම හදන්නෙ.කෑම පාර්සලයක් ගනිද්දි එයාල සාමාන්‍යයෙන් බතුයි එලවලුයි බෙදලා නැවත ඒ එලවලු උඩට බත් හැන්දක් දමනව.ඒක එයාලගෙ සිරිතක්,හේතුව නන් දන්නෙ නෑ.

බත් ගැන කතා කරද්දි නොකියම බැරි දෙයක් තමා රසම් පානය.සමහර අය ඉන්නව රසම් එකේ රස ගුන අනුව යන කඩේ තීරනය කරන අයත්.එච්චරට රසම් එක විශේශයි.ඒකෙන් කෑම රුචිය ඇති කරනව, ඒක නිසාම හැම අහාර වේලකටම ඉස්සෙල්ල රසම් බොන්න දෙමල ජනයා පුරුදු වෙලා ඉන්නව.බත් එක්ක තව දෙන දෙන දෙයක් තමයි පපඩම්.ඒවලනන් එච්චර විශේශයක් නැති වුනත් ඒ එක්කම හම්බෙන මෝර මිරිසුයි අලුකෙහෙල් පෙති බැදුමයි නන් මරු.මෝර මිරිස් කියන්නෙ විශාලත්වයෙන් වැඩි හොදට ලුනු එහෙම තියන මිරිස් කරලකට.අපාරාදෙ කියන්න බෑ මරු සැර.ඔය ඔක්කොම ඉවරද?නෑ..තව තියනව..ඇයි සව් කැද එක.සාමාන්‍යයෙන් ටිකක් යමක් කමක් තියන කඩවල සව් එකත් වරදින්නෙ නෑ.ඕක තමයි සාමාන්‍ය කඩයක දවල් කෑම වේල.

රෑට කන එක ගැනත් යමක් කිව්වොත් ඉදියාප්පයි තෝසෙයි රෑට වරදින්නෙ නෑ.ඊට අමතරව පරාටත් ගන්න පුලුවන්.කොත්තුත් රෑටම විශේශිත වූ කෑමක්.හැබයි ඒකට විශේශත්වය දරන්නෙ ගොඩක්ම මුස්ලිම් කඩවල්.ඊට අමතරව ෆ්‍රයිඩ් රයිසුත් නැතිවා නෙමේ.රු200 කට වගේ හොද චිකන් රයිස් එකක් ගන්න පුලුවන්.

ඉතින් ඉවර කරන්න ඉස්සෙල්ල කියන්න ඕන ගොඩක් කට්ටියට යාපනය ගමනේදී හම්බෙන අවසාන හදුනාගත් සශ්‍රීක නගරය වෙන්නේ වවුනියා ව.බොහෝ දෙනෙක් කෑම ගන්න,තවත් අවශ්‍ය අඩුම කුඩුම ගන්න නවත්වන්නෙ වවුනියාවෙ.ඉතා විශාල නගරයක් වන වවුනියාවෙන් කවුරු හරි කන්න බොන්න එනව නන් අපිට රෙකමදාරු කරන්න තියෙන්නෙ සින්බොන් තමයි.ඒක තමයි නම.වවුනියා නගරයට ඇතුල් වෙද්දිම ෆුඩ් සිටිය යාබදව තියෙන්නෙ සින්බොන්.කෙටි ආහාර වලට ලාභ රස තැනක් තමයි එතන.ඒකෙම උඩ තට්ටුව බත් තෝසෙ ඉදියාප්ප චපාති වගෙ කෑම වලට.ඉහල බජට්ටුවක් තියනව නන් හොදම තැන නෙල්ලි ස්ටාර්.වෙජිටේරියන් අහාර ගන්නවා නන් තැන සුද්දානන්ද භවාන්.වවුනියාවෙ ඕන කෙනෙක් දන්නව ඔය තැන්. හොයාගන්න අමාරු වෙන්නෙ නෑ.

අයෙමත් මේවගේ ලිපියකින් හම්බෙමු.හිතනව කට්ටියට මේක ප්‍රයෝජනවත් උනා කියලා.

මස් පුඩිම හා මස් රාත්තල

Posted by Rachintha Jayawardhana On Monday, December 13, 2010 3 comments
කාලෙකින්! http://blogvampa.blogspot.com/ ලියන වැම්පයර් සහෝදරයාත් කෑම ගැන අපි වගේ සැළකිය යුතු උනන්දුවක් තියෙන කෙනෙක්. ඒ මනුස්සයා ඒ මනුස්සයාගේ බ්ලොගේ ලියපු කෑම ගැන ලිපි ටික කමු බොමු එකේ අපිට එවලා තිබ්බා ඒ මනුස්සයාගේ මනුස්සකමට කැමති නම් ගන්න කියලා. ඒ මනුස්සයාගේ මනුස්සකමට ස්තූතිවන්ත වෙන ගමන් මනුස්සකමක් විදියට කාගෙන් කොහෙන් උනත් කෑම වෙනුවෙන් බේදයක් නැතුව කමු බොමු අපි ඒව මෙතැන් සිට පල කරනවා. වැම්පයර් සහෝදරයාට ස්තූතියි සහ එම ලිපි වලම අපට ඒවා ගන්නා ලෙස සඳහන් කර තිබුනත්, ඇඟිල්ලෙන් අනිනකන්ම ඒවා නොදිටීම ගැන සමාව!


image
ගූග්ල් බස් එකේ ඉන්න මගේ යාලුවන්ට නං මම කිව්ව ළඟදි මම බ්ලොග් එකෙන් කෑම ජාති හදන හැටි උගන්නනව කියල. මේ ළඟදි මේ බ්ලොග් එක හිට්ස් තිස්දාහක් එක්ක කොමෙන්ට් දාහක් පහු කරලයි තිබුණෙ. ඉතින් මම කල්පනා කළා මේක බලන අයට පොඩි රස කෑමක් හදන්න උගන්නන්න ඕන කියල. කෑමෙ නම තමයි "මීට් පුඩිං" එහෙම නැත්නම් (මේකට මම ගත්තෙ හරක් මස් නිසා) "හරක් මස් පුඩිම". දැන් ඔන්න කට්ටිය පොල්ල අතට ගන්නෙපා මෙන්න මේකා හරක් මස් ප්‍රමෝට් කරනවැයි කියල. මේකට ඕනම රෙඩ් මීට් එකක් එහෙම නැත්නම් රතු පාට මස් ජාතියක් ගැලපෙනවා.
පුඩිමයි ලෝෆ් එකයි දෙකම හදන්නෙ එක විදියට. පොඩි වෙනසයි තියෙන්නෙ. දෙකම මේකෙන් කියල දෙන්න පුළුවනි.
අවශ්‍ය කරන ජාති මුලින්ම ගමුකො.

ලෝෆ් එකට
අල ගෙඩි එකයි
කැරට් අලයයි
ලොකු ළූනු ගෙඩි බාගයයි
බිත්තර දෙකයි
සෝයි සෝස් (ස්පයිසි)
බටර්/මාගරින් පොඩ්ඩක් (50 grams)
ගම්මිරිස්, ලුණු, බැදපු තුනපහ
පාන් පෙති දෙකයි (සැන්ඩ්විච් පාන් වෙන්න ඕනෙ)
අඹරපු රතු මස් ග්‍රැම් 350ක් විතර (මේක ෆුඩ්සිටි/කීල්ස් සුපර් වල තියනවා - මින්ස්ඩ් මීට් (Minced Meat) කියල ඉල්ලුවනං හරි)
පුඩිමට
ඉහත කී දේවල් වලට අමතරව ස්කිම්ඩ් මිල්ක් (skimmed milk) මිලි ලීටර් 75ක් විතර
මින්ස්ඩ් මීට් හොයාගන්න අමාරු නං රෙඩ් මීට් ජාතියක් අරගෙන ක‍ටු ඇරල ෆුඩ් ප්‍රොසෙසර් එකක දාල අඹරල ගත්තම හරි. පොල් කිරි මිරිකන්න වගේ අඹරන්නෙපා හොඳේ. කෑලි තියෙන්න ඕන ඔය පල්ලෙහා පින්තූර වල තියෙන විදියට. නැත්තං වැඩේ වටලප්පමක් වෙනවා..
මුලින්ම අල ගෙඩියයි, කැරට් අලෙයි ළූනු බාගෙයි චොප් කරගන්න. පුලුවන්තරම් පොඩියට කපාගන්න. ග්‍රේටරයක් තියේනම් ලේසියි. පහළ රූපෙ බලන්නකො.
Chopped Potato
සෙට් එකම චොප් කළාම මේ වගේ.
Chopped
පාන් පෙති දෙක කෑලි වලට කඩාගන්න. ඔය තියෙන්නෙ මින්ස්ඩ් මීට් (අධිශීතකරණ ලද) සහ පාන් පෙති දෙකේ සුන්බුන්.
DSC00342
මින්ස්ඩ් මීට් සාමාන්‍ය උශ්නත්වයට ආවම (හදිස්සිනම් මයික්‍රොවේව් එකකට දාල ඩිෆ්‍රොස්ට් කරගන්න, කුක් වෙන්න දෙන්න එපා), අර කලින් කපාගත්තු සෙට් එකම දාල හොඳට අනාගන්න මෙන්න මේ විදියට.
DSC00345
ඒකට බටර් ටිකත් දාල අනන්න. ස්පයිසි ගතිය වැඩි කරගත්තෑකි ගම්මිරිස් ටිකක් දාල. කොහොමත් අපි සැරට කැමතියි නේ. බැදපු තුනපහ ටිකක් දැම්මට අවුලක් නෑ. හදද්දි තමන් කන ගානට තුනපහ දාගන්න. මම නං ඉතින් ෆුල් ස්පයිසි..
බිත්තර දෙක කඩල ලුණු දාල බීට් කරල සෝයි සෝස් දාල කලවම් කරගන්න. ලෝෆ් ඕන නම් ස්කිම්ඩ් මිල්ක් දාන්න එපා. පුඩිම නම් ඕන, ස්කිම්ඩ් මිල්ක් ටිකත් දාන්න. මේ තියෙන්නෙ.
DSC00344
මේ තියෙන්නෙ ඒ ටිකත් අර මිශ්‍රණේට දාල.
DSC00346
දැන් අවන් එකක 200 සෙල්සියස් වල පැයක් - විනාඩි හැත්තෑපහක් වගේ බේක් කරගන්න. පේනවනෙ වැඩේ.
DSC00347
දැන් ඉතින් හැන්දෙන් හරි මොකෙන් හරි කපල හරි කොටල හරි කන්නයි තියෙන්නේ. රසයි..! සුවඳයි..! කොටින්ම හරක්මස් අල්ලල දාල හිටපු මගේ ප්‍රියම්බරීත් මේක උඩ පැන පැන කෑවෙ නැතෑ!
ලෝෆ් එක හදනවනං කිරි නොදා බිත්තර දෙක දාන්න. එතකොට ඔය අන්තිමට කලින් රූපෙ තරම් වතුර ගතියක් එන්නෙ නෑ නෙ. දැන් මිශ්‍රණේ පාන් ගෙඩියක් හැඩේට අතින් හදාගෙන තැටියක බේක් කරගන්න 200 යෙ පැයක්.
ස්මාට් කුකිං ටිප්ස් | Smart Cooking Tips
  • ලෝහ තැටියක් වුණාම පයිරෙක්ස් වීදුරු බඳුනකට වඩා ඉක්මනට වැඩේ වෙනවා.ඒත් පැයකට ආසන්න කාලයක් තියන්න (around 50 mins). පොඩ්ඩක් බලන්න විනාඩි 20න් 20ට වගේ. පිච්චිලා අඟුරු වුණොත් අහක දාන්නෙපා. දත් මදින්න ගන්න.
  • උඩම රූපෙ තියෙන්නෙ මීට් ලෝෆ් එකක්.ඔයිට වඩා නම් පොඩ්ඩක් දුඹුරු පාට කරගන්න. මොකද පිටරට වල ගොඩක් අය මස් වැඩිය තම්බන්නෙ නෑ. ඒකයි රතු දුඹුරු පාට තියෙන්නෙ. නමුත් ඒක එච්චරම හොඳ වැඩක් නෙවයි.
  • අවන් එකේ දාන්න කලින් අවන් එක ප්‍රී හීට් කරගන්න. (මුලින් රත් කරගන්න) නැත්නං බේක් නොවී තැම්බෙනවා!
මේක හදන විවිධ ක්‍රම තියෙනවා. මෙතනදී ඉදිරිපත් කරේ අපේ තාලෙට ගැලපෙන්න බඩටත් හරියන්න හදපු මගේම විදියක්...අත්දු‍ටුවයි.. ප්‍රත්‍යක්ශයි...
එහෙනං හැපි කුකිං...
ජයවේවා...

PS
මස් නොකන අයට රෙසිපීස් ඉදිරියේදී... :)
මේක ඩෙසර්ට් එකක් විදියට කන දෙයක් නෙවයි. මේන් මීල් එකක් විදියට ගන්න දෙයක්. බඩ පිරෙනවා. බය වෙන්නෙපා :)