ගොඩාක් කාලෙක ඉදන් මේ කැඳ ගැන ලියන්න හිතන් හිටියෙ,අද ඔන්න කැඳ පොට් එකකට ගිහිල්ලම අවිල්ලා ලියන්න ගත්තා.කැඳ බොනවනම් ,අනෙත් දෙවල් වගේ නෙවෙයි,නලියා දන්න තරමට ප්‍රසිද්ධ පොට් එකක් තියෙන්නේ කොළඹින් පිට. ඔය කියන කැඳ පොට් එක තියෙන්නේ බන්ඩාරගම.
හරියටම තැන කියනවනම් පානදුර හොරණ පාරේ,පානදුරේ ඉදන් බන්ඩාරගම යනකොට බන්ඩාරගම පාළමත් පැනලා පළමුවැනි පාර දෙපැත්තේ තියන වෙල් යාය ඉවර වෙන තැනම් තියේන්නේ පොට් එක.
මෙතන සව් කැඳ,කිතුල් පිටි කැඳ,මුං ඇට කැඳ,කොල කැඳ වගේ ගොඩාක් ජාති තියනවා.මම නම් කැමති මේකෙ සව් කැද එකට පුදුම රසක් තියේන්නේ,හවසට උණු උණුවේ සව් කැඳ එකක් ගැහුවම රැට කන්න ඕනේත් නැති තැරම්.
මේ පොට් එකෙ සව් කැඳ එක ගැන කියනවනම් ,මගෙ ජීවිතේටම කැඳ මෙච්චර රසද කියල දැනුනේ මෙතනින් කැඳ බීයුවට පස්සේ.මේ සව් කැද එකේ නියම රස පැණි වගේම ගෙදර හදනකොට සාමාන්‍යයෙන් නොදාන හබල පෙති දාල නියමටම තියනවා.
කැඳ විදුරුව කට ගාවට ගන්නකොට එන අමුර්තය වගේ සුවඳ ,එක්කම උණු උණුවේ කැඳ උගුරක් කටට ගන්නකොට දැනෙන රසය කියලා නිම කරන්න බෑ.කැදවල පෙගුන හබලපෙති හැපෙනකොට කැඳවල රසය දෙගුණ තෙගුණ වෙනවා.
සව් කැඳ එකේ ගාන රු:30/= ,මට හිත ගන්නවත් බැ එච්චර අඩුවට කොහොමද මෙච්චර හොද බීමක් දෙන්නේ කියලා.
මෙතන කැඳ වගෙම ,හවසට කන ගමේ ගොඩේ කැම ජාති ටිකකුත් අනිවර්යේන් තියනවා,අද තිබුනේ පුහුල් දොසියි,රොටියි ,කැඳ එකක් ගැහුවම එවා කන්න බඩේ ඉඩක් නැ.මම කැඳ එකක් ගහලා ගෙදර අයට පුහුල් දොසි ගෙනවා.
ඇත්තටම බන්ඩාරගම පැත්තේ යනවානම් අනිවර්යෙන්ම කැඳ එකක් බීලා බලන්න.නියමටම තියනවා.

අපේ සෙට්වෙන කට්ටියගෙ ට්‍රිප් එකට ගෙනියන්න කියල විශේෂ ඉල්ලීමක් අනුව අම්ම හදපු කැවිල්ලක් ගැන තමයි අද කියන්න යන්නේ. පොල් ටොෆි කියල තමයි අපි කියන්නෙ. මේව මම හිතන්නෙ නොකාපු කෙනෙක් නැති තරම්. ඒත් ඒ එක එක කොලිටි වල ඒව නිසා කාල තියෙන්නෙ එකම ජාතියද කියල ෂුවර් නැතිව ඇති. ඔන්න ඉතිං මම කාටත් හිතසුව පිණිස මේක හදන විධිය ගැන ලියන්න හිතුවා. මේවා හදාගන්න ඒ තරම් අමාරු නෑ. අවශ්‍ය වෙන්නෙත් බොහොම පොඩි දේවල් ටිකක්. පොඩි කිව්වෙ ඉතිං ලංකාවෙ නම් ලේසියෙන් හොයාගන්න පුළුවන් අපි කොහොමත් ගෙදර පාවිච්චි කරන ද්‍රව්‍ය නිසයි.
මුලින්ම පොල් ගාල තියාගන්න. සාමාන්‍යයෙන් ලොකු පොල් ගෙඩි 2කට සීනි ග්‍රෑම් 600ක් විතර ඇති වෙයි මගෙ හිතේ. ඒ වගේ ලොකු පොල් ගෙඩි දෙකකින් අඟල් 1 1/4 කෑලි 100ක් විතර කපාගන්න පුළුවන්
සීනි ටික වතුර හැඳි කීපයක් එක්ක ලිපේ තියන්න. ඒක උණු වෙද්දි මුලින්ම එනසල් කුඩු කරල ටිකක් එකතු කරන්න ඕන. ඊටත් පස්සෙ පොල් ටික දාල හොඳට කලවම් කරන්න ඕන. වතුර ගතිය යන්තම් තියෙද්දි වැනිල ටිකක් දානව සුවඳ වෙන්න. ආයෙත් කලවම් කරන්න ඕන ඇලෙන නොඇලෙන ගානට. කෑම වලට දාන පාට වලින් කැමති පාටක් දාගන්න පුළුවන්. අම්ම නම් දාන්නෙ රතු පාට තමයි. ඒක ඉතිං හැදුවම රෝස පාට වෙනවා. ඒකෙන් රසේ වෙනසක් නම් වෙන්නෙ නෑ. ලුණු බින්දුවක් දෙකක් දාගත්තත් කමක් නෑ කියලයි අම්ම කිව්වේ.

මේක මේ විධියට හැඳිගානකොට අර පදම කියන එක එද්දි, ඒ කියන්නෙ තැටියක අතුරගන්න පුළුවන් පදම එද්දි ලිපෙන් බාල ලී තැටියක අතුරගන්න ඕන. ටික වෙලාවක් හයි වෙන්න තියල කෑලි කපාගන්න පුළුවන්.
මේක අතිශය පැණි රස කෑමක්. ඒ නිසා පැණිරස කෑම සම්බන්ධව ප්‍රශ්ණ තියෙන අය නොකෑවට කමක් නෑ. එහෙම නෙවෙයි නම් ඉතිං බේදයක් නෑ.
පොල් ටොෆිය අවුරුදු කැවිල්ලක් විධියට අපේ ගෙදර හදනවා. ඒක මම දන්න කාලෙ ඉඳන් තියෙන දෙයක්. ඒ වගේම විශේෂ අවස්ථාවලදිත් ලේසියෙන් හදාගන්න පුළුවන්කම තියෙන කවදාවත් ඉතිරි නොවෙන කෑමක් තමයි පොල් ටොෆිය. තේ වලට සීනි නොදමා පොල් ටොෆියක් එක්ක එහෙම බොන්න පුළුවන්. ඔයාලත් වෙලාවක උත්සාහයක් අරන් බලන්න.

කට්ටිය වැලි තලප ඕන තරම් කාල ඇති. කැන්ද කොලේ ඔතල දෙන හැලපත් කාල ඇති. ඒත් නිකංම නිකං තලප කාපු අය නම් හොයාගන්න ටිකක් අමාරුයි. අද අපේ තාත්ත හදපු තලප ගුලියක් ගිලින ගමන් කමුබොමු එක මතක් වෙලා මේ ගැන මම දන්න ටික හරි කියන්න ඕන කියල හිතුවා.
වැලි තලප කෙසේ වෙතත් හැලප සහ තලප දෙකම හදන්නෙ කුරක්කන් වලින්. හැලප නම් අපි ගන්නෙ කැවිල්ලක් විධියට වුණත් තලප නම් ඉස්සර ගම්වල මිනිස්සු කුරක්කන් වලින් හදාගත්තු ප්‍රධාන කෑමක්. ඒ කාලෙ හේන් ගොවිතැනේ මූලිකම බෝගයක්ලුනේ කුරක්කන් කියන්නේ. ගම් ගැන හේන් ගැන කියවපු හැම පොතකම වගේ කියන්නෙ හේනට කුරහන් ඉහිනවා කියලනේ. ඒ කියන්නෙ කුරක්කන් වලින් හදපු ආහාර ඒ දවස්වල (සමහර විට ඇතැම් පිටිසර ගම් වල තවමත්) ගැමියන්ගෙ මූලික ආහාර විධියට සලකලා තියෙනවා. ඒ අතරෙ තලප කියන්නෙ ලේසියෙන්ම හදාගන්න පුළුවන් ආහාරයක්.
මේ ගැන ලියන්න ඕන නිසා මම තාත්තගෙන් ඇහුවා කොහොමද හදන්නෙ කියල. වැඩි දෙයක් නෑ. කුරක්කන් පිටි වලට යන්තමින් වතුර එකතු කරල ඒක ලිපේ තියල ගුලි කරගන්න පුළුවන් ගානට එනකල් හැන්දකින් කලවම් කරමින් තම්බනව. ඒකට ලුණු ටිකකුත් දාගන්න ඕනලු. කොහොම හරි ගුලි කරගන්න පුළුවන් ගානට ආවම උණුවෙන්ම හැන්දයි අතයි පාවිච්චි කරල සාමාන්‍ය අඟල් 4ක විතර විෂ්කම්භයක් තියෙන ගුලි හදාගන්නව. මේව තැම්බිල ආවම තද දුඹුරු පාටයි. සාමාන්‍යයෙන් මනුස්සයෙක්ට මේ ගුලි දෙකක් ප්‍රමාණවත් කියලයි මට හිතෙන්නෙ.
තලප නිවෙනකල් තිබ්බොත් කන්න ටිකක් අමාරුයි. ඒ නිසා උණුවෙන් කන්න පුළුවන්නම් හොඳයි. තලප නිකං කන්නත් බෑ. හොඳට උකු තරලයත් වගේ හොද්දක් හදාගන්න ඕන. ගම්වල නමි මේකට හදන හොඳම හොද්ද තමයි කොල්ලු හොද්ද. හොද්ද කිව්වට මේක ඕන දේක හොඳට තැවරෙන ගොඩක් උකු එකක්. මේක රස කරගන්න ඉස්සර නම් දඩමස් පුංචි කෑලි වලට කපල දාල තියෙනවා. නිකං මස් කොල්ලු හොද්දක් වගේ. මම පුංචි කාලෙ අපේ නැන්ද හරක් මස් එකතු කරල හදල දුන්න කොල්ලු හොද්ද එක්ක මම තලප කාල තියෙනවා. ඒ වගේම තාත්ත බිබිලෙ වැඩ කරන කාලෙ ගේන දඩමස් දාලත් වරක් කොල්ලු හොද්ද හැදුව වගේ මතකයි. ඒ තමයි මම කාපු හොඳම තලප එක කියල මට තාමත් කියන්න පුළුවන්. දැන් අපේ තාත්ත නමි හැමදාම හොද්ද අනාගන්නවා. එක්කො දියර ගතිය වැඩියි. නැත්තං කුළුබඩු වැඩියි. (එයා පරිප්පු හැදුවොත් ඒකෙ පරිප්පු වලට වඩා තියෙන්නෙ උළුහාල්, අබ වගේ කුළුබඩු තමයි) මොනව වුණත් හරක් මස් හරි උම්බලකඩ හරි යහමින් දාල හොඳට තුනපහ එක්ක හදල ගන්න කොල්ලු හොද්ද තරම් තලපයත් එක්ක සෙට් වෙන වෙන දෙයක් නෑ.
තලප කෑමත් විශේෂයි ඇත්තටම. තලපය කන්නෙ අර ලොකු ගුලියෙන් ගිලින්න පුළුවන් පුංචි ගුලි හදල ඒක අර හොද්දෙ තවරගෙනයි. හැපිල්ලක් නෑ. හොඳට හොදි තවරගෙන ගිලින්නයි තියෙන්නේ. ඒ නිසාමයි හොද්ද උකු වීම වැදගත් වෙන්නේ. ඒ වුණත් තලප කෑමේ මේ වෙනස් විධිය නිසාම ඇතැම් අයට තලප හරියන්නෙ නෑ. මම නම් අඩු තරමෙ එළවලු කැපිල්ලෙවත් වෙනසක් අපේක්ෂා කරන මනුස්සය හින්ද මේ වගේ වෙනස් කෑම රටාවක් සහිත තලපය පිහිගන්නෙ හරිම කැමැත්තෙන්.
අපේ ගෙදර රෑට බත් කෑමට මම කොමාව පනවල තියෙන නිසා ඉඳි ආප්ප, රොටි, පාන්, තෝසෙ වගේ කෑම එක්ක මාසෙකට වතාවක් දෙකක් තලපෙ වරදින්නෙ නෑ. මම දන්නෙ නෑ කී දෙනෙක්ට මේක බලල තලපය අත්හදා බලන්න හිතුනද කියල. උත්සාහයක් දරන්න බලන්න. මම හිතන්නෙ ගොඩක් දෙනා කැමති වෙයි.